මාරවිල, ගොඩවෙල හන්දියේදී මාරවිල දෙස සිට මීගමුව දෙසට ධාවනය වූ සැකකටයුතු මෝටර් රථයක් පොලිස් නිලධාරීන් විසින් නවතා පරීක්ෂා කිරීමට යෑමේදී එම මෝටර් රථය අණ නොතකා ධාවනය කර තිබේ.
ඒ අනුව පොලිස් නිලධාරීන් විසින් අදාළ මෝටර් රථය පිටුපස හඹාගොස් ඇත.
පසුව කොච්චිකඩේ ප්රදේශයේදී අදාළ මෝටර් රථය නවතාගෙන තිබේ.
එම මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එම රථය තුළ තිබී පොහොර කවර 8ක බහා තිබූ නීතිවිරෝධී මත්පැන් ලීටර් 262.5ක් (බෝතල් 350ක්) සොයාගෙන ඇත.
පොලීසිය සඳහන් කළේ ඒ අනුව 38 හැවිරිදි අදාළ සැකකරුව අත්අඩංගුවට ගත් බවය.
ලුණුවිල ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ මෝටර් රථයේ රියදුරු පළාගොස් තිබූ අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්රියාත්මක බවය.






















