මෙරට නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගත හැකි දැවැන්ත වී මෝලක් වසර ගණනාවක් තිස්සේ රජයේ අවධානයට ලක් නොවීමෙන් විනාශ මුඛයට යමින් පවතී.
ඇඹිලිපිටියේ මොරකැටියේ අක්කර 16 ක භූමිභාගයක දැවැන්ත යන්ත්රසූත්ර ස්ථාපිත කරමින් 1972 වසරේදී ඉදි කෙරුණු මෙම මහා පරිමාණ වී මෝල දැනට වසර 15 ක සිට අක්‍රීයව පවතී.
එකල වී ලොරි 60 ක් පමණ දෛනිකව සහල් බවට පත් කෙරුණු මෙහි දැවැන්ත යන්ත්රසූත්ර මගින් එකවර ලොරි තුනක වී, සහල් බවට පත් කළ හැකි වුවත් අද වන විට එම දැවැන්ත යන්ත්‍ර විනාශමුඛයට යමින් පවතිනු දැකිව හැකිය.
එම යන්ත්‍රසූත්‍රවල ඇතැම් කොටස් අද සොරසතුරන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ගලවාගෙන ගොස් තිබේ.
නිෂ්පාදන ක්‍රියාවලියට විපුල ප්‍රයෝජන ගත් හැකි මෙවන් දැවැන්ත වී මෝලක් වවුලන්ගේ සහ මත්ලෝලීන්ගේ ප්‍රයෝජනයට ගැනීමට පමණක් ඉඩදී බලා සිටීම කොතරම් කනගාටුවට කරුණක්ද ?






















