Wednesday, June 3, 2026
HomeNEWSLatest Newsකංජිපානි ඉම්රාන් පොඩි ලැසී දෙමටගොඩ චමින්ද බ්ලුමැන්ඩල් සංඛ සහ ජපන් චූටි තවමත්...

කංජිපානි ඉම්රාන් පොඩි ලැසී දෙමටගොඩ චමින්ද බ්ලුමැන්ඩල් සංඛ සහ ජපන් චූටි තවමත් ආහාර වර්ජනයේ

දැනට සිදුකරන මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් නගරාශ්‍රිත ලැගුම්හල් ආරක්ෂිත ස්ථාන ලෙස භාවිත කරන බවට තොරතුරු ලැබී ඇති නිසා ඒවායේ හිමිකරුවන් සිය ලැගුම්හල්වල රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් දැනුවත් වන ලෙස බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පෙලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉල්ලා සිටී.

මේ අතර, පොළොන්නරුවේ සිට ලොරි රථ මගින් සහල් අසුරනවල සඟවා නීති විරෝධී ගිනිඅවි හා ජීව උණ්ඩ කොළඹට රැගෙන විත් දකුණේ පාතාල කණ්ඩායම් වෙත ලබාදීම සඳහා මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කැළුම් ඉන්දික නොහොත් කැවුමාට තාක්ෂණික සහාය ලබාදුන් අයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් කඩුවෙලදී අත්අඩංගුවට ගත්තේය.

එම ගිනිඅවි හෝමාගම ප්‍රදේශයේ නිවසක ස්ථානගත කිරීම සඳහා සහාය දැක්වූ තවත් පුද්ගලයකු නුගේගොඩදීත් , ගිනිඅවි අපරාධ කල්ලි වෙත බෙදාදුන් පුද්ගලයෙකු තිස්සමහාරාමය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මඩකලපුව ප්‍රදේශයේ කලක සිට කඩු පෙන්වා ජනතාව බියගන්වමින් කටයුතු කළ අපරාධ කල්ලි සාමාජික නායකයෙකු වූ දනූ නමැත්තා ඇතුළු ඔහුගේ සහායකයෙකු කඩුවක් සහ බෝම්බයක් සමග අත්අඩංගුවට ගැනීමටත්  මඩකලපුව මූලස්ථාන පොලිස් නිලධාරීන් සමත් විය.

මේ අතර, ඥාතීන් සමග සම්බන්ධවීමට ලබාදී තිබූ දුරකතන සබඳතා අත්හිටුවීම, සිය සේවාදායක නීතිඥවරුන් පරීක්ෂා කිරීම ඇතුළු කරුණු රැසකට එරෙහිව ආහාර වර්ජනයක් දියත් කළ බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 45 දෙනා අතරින් 25 දෙනෙකුම එම ආහාර වර්ජනය අතහැර ඇති බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙලෙස ආහාර වර්ජනය අතහැරි පිරිස් අතර රොෂාන් මංජු, පොට්ට නවුෆර්, ෂියාම්, චාමර සඳරුවන්, කැමිලස්, ඔස්ටින් හා මාහීර් නමැති අපරාධකරුවන් සිටී.

රැඳවියන් 20 දෙනෙකු තවදුරටත් ආහාර වර්ජනයේ නිරත අතර ඊට කංජිපානි ඉම්රාන්, පොඩි ලැසී, දෙමටගොඩ චමින්ද, බ්ලුමැන්ඩල් සංඛ, ගණේමුල්ල සංජීව, ජපන් චූටි සහ පරෙයි සුදා ඇතුළු ප්‍රකට අපරාධ කණ්ඩායම් සාමාජිකයින් ඇතුළය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img