Monday, October 26, 2026
HomeNEWSLatest Newsකංජිපානි ඉම්රාන් පොඩි ලැසී දෙමටගොඩ චමින්ද බ්ලුමැන්ඩල් සංඛ සහ ජපන් චූටි තවමත්...

කංජිපානි ඉම්රාන් පොඩි ලැසී දෙමටගොඩ චමින්ද බ්ලුමැන්ඩල් සංඛ සහ ජපන් චූටි තවමත් ආහාර වර්ජනයේ

දැනට සිදුකරන මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් නගරාශ්‍රිත ලැගුම්හල් ආරක්ෂිත ස්ථාන ලෙස භාවිත කරන බවට තොරතුරු ලැබී ඇති නිසා ඒවායේ හිමිකරුවන් සිය ලැගුම්හල්වල රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් දැනුවත් වන ලෙස බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පෙලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉල්ලා සිටී.

මේ අතර, පොළොන්නරුවේ සිට ලොරි රථ මගින් සහල් අසුරනවල සඟවා නීති විරෝධී ගිනිඅවි හා ජීව උණ්ඩ කොළඹට රැගෙන විත් දකුණේ පාතාල කණ්ඩායම් වෙත ලබාදීම සඳහා මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කැළුම් ඉන්දික නොහොත් කැවුමාට තාක්ෂණික සහාය ලබාදුන් අයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් කඩුවෙලදී අත්අඩංගුවට ගත්තේය.

එම ගිනිඅවි හෝමාගම ප්‍රදේශයේ නිවසක ස්ථානගත කිරීම සඳහා සහාය දැක්වූ තවත් පුද්ගලයකු නුගේගොඩදීත් , ගිනිඅවි අපරාධ කල්ලි වෙත බෙදාදුන් පුද්ගලයෙකු තිස්සමහාරාමය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මඩකලපුව ප්‍රදේශයේ කලක සිට කඩු පෙන්වා ජනතාව බියගන්වමින් කටයුතු කළ අපරාධ කල්ලි සාමාජික නායකයෙකු වූ දනූ නමැත්තා ඇතුළු ඔහුගේ සහායකයෙකු කඩුවක් සහ බෝම්බයක් සමග අත්අඩංගුවට ගැනීමටත්  මඩකලපුව මූලස්ථාන පොලිස් නිලධාරීන් සමත් විය.

මේ අතර, ඥාතීන් සමග සම්බන්ධවීමට ලබාදී තිබූ දුරකතන සබඳතා අත්හිටුවීම, සිය සේවාදායක නීතිඥවරුන් පරීක්ෂා කිරීම ඇතුළු කරුණු රැසකට එරෙහිව ආහාර වර්ජනයක් දියත් කළ බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 45 දෙනා අතරින් 25 දෙනෙකුම එම ආහාර වර්ජනය අතහැර ඇති බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙලෙස ආහාර වර්ජනය අතහැරි පිරිස් අතර රොෂාන් මංජු, පොට්ට නවුෆර්, ෂියාම්, චාමර සඳරුවන්, කැමිලස්, ඔස්ටින් හා මාහීර් නමැති අපරාධකරුවන් සිටී.

රැඳවියන් 20 දෙනෙකු තවදුරටත් ආහාර වර්ජනයේ නිරත අතර ඊට කංජිපානි ඉම්රාන්, පොඩි ලැසී, දෙමටගොඩ චමින්ද, බ්ලුමැන්ඩල් සංඛ, ගණේමුල්ල සංජීව, ජපන් චූටි සහ පරෙයි සුදා ඇතුළු ප්‍රකට අපරාධ කණ්ඩායම් සාමාජිකයින් ඇතුළය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img