අදත් පළාත් කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි
උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ද ඇති වේ.
උතුරු, නැගෙනහිර පළාත්වල පවතින පළාත්වල පවතින වැසි තත්ත්වයක් තවදුරටත් බලාපොරොත්තු විය හැකිය.
සෙස් ප්‍රදේශවල ප.ව 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක් තද වැසි ඇති වේ.
දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදේ කාලයේ දී ද වැසි ඇති විය හැකිය.
උතුරු සහ උතුරු මැද පළාත්වල සුළඟේ වේගය පැ.කි.මී 40 -50ත් අතර වේ.






















