Tuesday, September 1, 2026
HomeNEWSදමිළ තරුණයන්ගේ හර්තාලය ගැන නැගෙනහිර ආණ්ඩුකාරවරිය කතා කරයි.

දමිළ තරුණයන්ගේ හර්තාලය ගැන නැගෙනහිර ආණ්ඩුකාරවරිය කතා කරයි.

දමිළ තරුණයන්ගේ හර්තාලය ගැන නැගෙනහිර ආණ්ඩුකාරවරිය කතා කරයි.

සිය දේශපාලන අරමුණු ඉෂ්ඨ කර ගැනීම වෙනුවෙන් දමිළ තරුණ තරුණියන්ගේ අනාගතය බිල්ලට නොදෙන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය දේශපාලන අරමුණු සහිත දමිළ දේශපාලනඥයන්ගෙන් ඉල්ලීමක් කළාය.

වත්මන් තරුණ තරුණියන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ජීවිත සාර්ථක කරගැනීම සහ පළාත දියුණු කර ගැනීම පමණක් බවද ඇය කියා සිටියාය.තත්වය එසේ තිබියදී ඔවුන් නැවත වරක් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කිරීම හෙළා දකින බව ද ආණ්ඩුකාරවරිය කීවාය.

යාපනය විශ්ව විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ ස්මාරකයක් ඉවත් කළා යැයි චෝදනා කරමින් ආරම්භ කළ හර්තාලය පිළිබඳව අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.එය අවසන් කිරීම පිළිබඳව සතුටු වන බවද ආණ්ඩුකාරවරිය කියා සිටියාය.එම තරුණ තරුණියන්ට මේ මොහොතේ අවශ්‍ය වන්නේ ඔවුන්ගේ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා වන අරමුණු මුදුන්පත් කරගැනීම පමණක් වන අතර එසේ නොකර ඔවුන්ගේ ජීවිතය මෙවැනි කටයුතු වෙනුවෙන් යොදවා නැවත වරක් එම අරගල ගැටුම් බවට පත් කිරීමට කටයුතු නොකරන ලෙසද ආණ්ඩුකාරවරිය දමිළ දේශපාලන නායකත්වයෙන් ඉල්ලා සිටියාය.

තිස් වසරක් පුරා පැවැති යුධමය වාතාවරණයේ අඳුරු සෙවණැලි මේ වන විට මැකී ගොස් අවසන්ය

දැන් සිදුකල යුත්තේ මෙම දමිළ තරුණ තරුණියන්ගේ දායකත්වය රටේ අභිවෘද්ධිය කරා ගෙන යෑමට උදව් කිරීම බවද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img