Monday, November 9, 2026
HomeNEWSඅදත් පැය 5කට වැඩි විදුලිය කප්පාදුවක්

අදත් පැය 5කට වැඩි විදුලිය කප්පාදුවක්

අද (28) දිනයේ පැය 5ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සිදුකළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C කලාප සදහා පැය 4 විනාඩි 40ක කාලයකුත්, සෙසු කලාප සඳහා පැය 05 විනාඩි 15ක කාලයකුත් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

ඊයේ (27) සහ පෙරේදා (26) දිනවල රාත්‍රි කාලයේ දී විදුලි කප්පාදුවක් සිදුනොකෙරුනු අතර සතියේ දිනවලට සාපේක්ෂව විදුලි ඉල්ලුම අඩුවීම මීට හේතුව වී තිබුණි.

කෙසේවෙතත් තාප බලාගාර සඳහා ප්‍රමාණවත් සංචිත නොමැති වීම හේතුවෙන් අද  දිනයේ පැය 5ක විදුලි කප්පාදුවක් සිදුකිරිමට තීරණය කර තිබේ.

ඒ අනුව A,B,C කලාප සඳහා අද උදෑසන 8.30 සිට රාත්‍රි 10.30 දක්වා පැය 4 විනාඩි 40ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇත.

එම කලාපවලට පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ පැය 2 විනාඩි 40ක් සහ පස්වරු 4.30 සිට රාත්‍රි 10.30 දක්වා අතර කාලය තුළ පැය 2ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

මීට අමතරව සෙසු කලාප සඳහා අද උදෑසන 8.30 සිට පස්වරු 4.45 දක්වා කාලය තුළ පැය 2 විනාඩි 45ක් සහ පස්වරු 4.45 සිට රාත්‍රි 9.45 දක්වා කාලය තුළ පැය 2 විනාඩි 30කුත් ලෙස පැය 5යි විනාඩි 15ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

අද විදුලිය කැපෙන කාලසටහනට මෙතැනින් පිවිසෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව මර්ධනකාරී අණපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක-සාගර කාරියවසම්

වත්මන් ආණ්ඩුව මර්ධනකාරී අනපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක..........   ලංකාවේ සොරකම් නතර කර, පොහොසත් රටක්, සශ්‍රීක රටක් නිර්මාණය කිරීමට පැමිණි වත්මන් ආණ්ඩුව මෙතෙක් සිටිය...

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img