Monday, November 9, 2026
HomeNEWSඅද විදුලි කප්පාදුව සිදුවන හැටි

අද විදුලි කප්පාදුව සිදුවන හැටි

බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද (23) දිනයේත් දිවයින පුරා පැය හතර හමාරකට අධික කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, පෙරවරු 08.30 සිට රාත්‍රි 10.30 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදුකරන බවය.

ඒ අනුව ප්‍රදේශ කිහිපයකට පැය 04යි මිනිත්තු 30 කාලයකුත්, අනෙක් ප්‍රදේශ සඳහා පැය 04යි මිනිත්තු 40ක කාලයකුත් විදුලිය කප්පාදුව සිදුවනු ඇත.

මේ අතර හෙට (24) දිනයේ දිවා කාලයේදී විදුලි ඉල්ලුම මෙගාවොට් 2,250ක් වන අතර සවස් කාලයේදී විදුලි ඉල්ලුම 2,370ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

මීට අමතරව රාත්‍රි කාලයේදී විදුලි ඉල්ලුම මෙගාවොට් 2,700ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔවුන් සඳහන් කළේය.

කෙසේවෙතත් පවතින ඉන්ධන සහ ජල හිඟය හේතුවෙන් හෙට දිනය තුළ පමණක් ජාතික පද්ධතියට මෙගාවොට් 1,628ක විදුලි ධාරිතාවක් අහිමි වේ.

ඉන් මෙගාවොට් 440ක් තාප විදුලි බලාගාර අක්‍රියවීම හේතුවෙන් ජාතික පද්ධතියට අහිමිවී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ඊයේ (22) පස්වරුව වන විට සපුගස්කන්ද ඒ සහ බී බලාගාර සඳහා දැවි තෙල් ලබාදීම ආරම්භ කර තිබේ.

එමෙන්ම කැලණිතිස්ස සංයුක්ත චක්‍රිය බලාගාරයට නැප්තා ලබාදීම ආරම්භ වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

මේ අතර සිදු කරන විදුලි කප්පාදුවට එරෙහිව අද දිනයේ උද්ඝෝෂණයක නිරත වන බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ කැඳවුම්කරු කේ.එච් සංජීව ධම්මික මහතා පැවසීය.

විදුලි කප්පාදුව සිදුකෙරෙන කාණ්ඩ හා ප්‍රදේශ පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව මර්ධනකාරී අණපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක-සාගර කාරියවසම්

වත්මන් ආණ්ඩුව මර්ධනකාරී අනපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක..........   ලංකාවේ සොරකම් නතර කර, පොහොසත් රටක්, සශ්‍රීක රටක් නිර්මාණය කිරීමට පැමිණි වත්මන් ආණ්ඩුව මෙතෙක් සිටිය...

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img