අද (04) දිනයේද දිවයින පුරා පැය 03යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සඳහන් කළේ, ප්රධාන කලාප දෙකක් යටතේ පෙරවරු 09.00 සිට රාත්රී 09.30 දක්වා විදුලි කප්පාදුව සිදුවන බවය.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L යන කලාප සඳහා පෙරවරු 09.00 සිට පස්වරු 05.30 දක්වා පැය 02ක කාලයක් සහ පස්වරු 05.00 සිට රාත්රී 09.30 දක්වා පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත.
එමෙන්ම P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා ද පෙරවරු 09.00 සිට පස්වරු 05.30 දක්වා පැය 02ක කාලයක් සහ පස්වරු 05.00 සිට රාත්රී 09.30 දක්වා පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.
මීට අමතරව කොළඹ වාණිජ කලාපය සඳහා පෙරවරු 06.00 සිට පෙරවරු 09.20 දක්වා පැය තුනක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර ලක්විජය බලාගාරයේ ජනන යන්ත්රයක් අක්රිය වුවද විදුලි කප්පාදුව සිදුකරන වේලාව ඉහළ නොදමන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම්දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.






















