රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සියලුම සිසුන් සඳහා අද (14) සිට සාමාන්‍ය පරිදි පාසල් ආරම්භ වීමට නියමිතය.
සාමාන්‍ය පරිදි සිසුන් පාසල් වෙත කැඳවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් පසුගියදා පාසල් බලධාරීන් වෙත උපදෙස් ලබාදෙමින් චක්‍රලේඛයක් ද නිකුත් කර තිබුණි.
ඒ අනුව මෙතෙක් සංඛ්‍යාත්මක ක්‍රමවේදයක් අනුව සිසුන් කැඳවු අතර අද සිට සාමාන්‍ය පරිදි සිසුන් පාසල් වෙත පැමිණීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.
කෙසේවෙතත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින අර්බුදකාරි තත්ත්වය හමුවේ පාසල් වෙත සිසුන්ගේ පැමිණීම අපේක්ෂිත මට්ටමක නොපවතිනු ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මේ අතර වයස අවුරුදු 12ට අඩු කිසිදු පාසල් සිසුවෙකුට කොවිඩ් මර්දන එන්නත ලබා දී නොමැති බැවින් පාසල් ආරම්භ කිරිමේ දී සෞඛ්‍ය අංශ ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
“අමතක කළ යුතු නැහැ අවුරුදු 12ට අඩු දරුවන්ට අපි කිසිදු එන්නතක් පාසල් තුළ ලබාදීලා නැහැ. ඒ නිසා ඔවුන්ට ප්‍රතිශක්තීකරණයක් නැහැ. ඔවුන් අනාරක්ෂිතයි කියන එක අපි හොඳින් මතක තබාගත යුතුයි. ඒ වගේම දැනට ලබාදීලා තියෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම නෛතිකමය අවශ්‍යාතවයක්. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව ක්‍රියාක්ම කරලා දරුවන්ගේ අවධානම අඩුකරගන්න කටයුතු කළ යුතුයි. යම් එන්නත් ලබාගත යුතු වයසේ දරුවෙකු ඉන්නවානම් ඒ දරුවා අනිවාර්යෙන්ම එන්නත් ලබාගත යුතුයි. කෙසේවෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ ප්‍රමාණය මත පාසල් තුළ කොවිඩ් -19 පැතිරෙනවාද ? නැද්ද ? කියන එක තීරණය වෙනවා කියන එක ඉතාම පැහැදිලියි. සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකමින් කටයුතු කළොත් පාසල් තුළ කොවිඩ් -19 ආසාදනය පැතිරිලා නැවතත් පාසල් වසා දමන තත්ත්වට පත්වෙනවා කියන එක අපි අවධාරණය කරන්න කැමතියි.”






















