Saturday, August 8, 2026
HomeNEWSLatest Newsඅධ්‍යාපනසැලසුම් ක්‍රියාත්මක කිරීමේදී කොවිඩ් බාධාවක් කරගන්න එපා.ජනපති අධ්‍යාපන බලධාරීන්ට කියයි.

අධ්‍යාපනසැලසුම් ක්‍රියාත්මක කිරීමේදී කොවිඩ් බාධාවක් කරගන්න එපා.ජනපති අධ්‍යාපන බලධාරීන්ට කියයි.

අධ්‍යාපනසැලසුම් ක්‍රියාත්මක කිරීමේදී කොවිඩ් බාධාවක් කරගන්න එපා.ජනපති අධ්‍යාපන බලධාරීන්ට කියයි.


පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සම්පාදිත සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී කොවිඩ් බාධාවක් කර නොගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අධ්‍යාපන බලධාරීන්ට කියයි.

මානව සම්පත සංවර්ධනය රජයේ මූලික අරමුණ වේ. රටේ අනාගත පරපුර ඵලදායී පුරවැසියන් බවට පත් කිරීමට ඔවුන් නව දැනුමෙන්, කුසලතාවන්ගෙන් සහ නිපුණතාවන්ගෙන් සන්නද්ධ කළ යුතුය. ඒ සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පවතින වාතාවරණය මත අඩාල නොවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. 

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති සියලු රාජ්‍ය අමාත්‍යාංශ අපේක්ෂිත ඉලක්ක ළඟා කර ගැනීමට ගෙන ඇති පියවර සමාලෝචනයට ගනිමින් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී රාජපක්ෂ මැතිතුමා මේ බව පැවසීය. 

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් කඩිනමින් සැකසීමට “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රමුඛත්වය දී තිබේ. අන්තර්ජාතික ප්‍රමිතින්ට අනුකූලව සැකසෙන නිශ්චිත අරමුණක් සහිත තනි විෂය නිර්දේශයක් යටතේ පෙර පාසලේ සිට උපාධිය දක්වා අධ්‍යාපන ක්‍රමවේද සැකසීම තවත් අරමුණකි. 

ඉලක්ක සපුරා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා ඊට අයත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, දහම්පාසල්, භික්ෂුඅධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශය, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන,පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය සහ  නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති සැලසුම් වෙන වෙන්ව ජනාධිපතිතුමා විසින් විමර්ශනය කෙරිණ.

අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, පියල් නිශාන්ත, විජිත බේරුගොඩ, සීතා අරඹේපොල, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්ම මහත්මීහු සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දීය රජයේ අනුග්‍රහය

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලාංකික කිරි ගොවීන්ට විශේෂ පුහුණුවක්ඉන්දීය මහකොමසාරිස් කාර් යාලය හරහා කරන ලද ඉල්ලීමකට අනුව, ඉන්දීය රජයේ...

ජනපතිට යැවූ ලිපිය ප්‍රසිද්ධ කරන්න- ඒකාබද්ධ විපක්ෂය මහානාහිමිවරුන්ගෙන් ඉල්ලයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයෝ අද (08) පස්වරුවේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ ද, මල්වතු...

ජනතාව සමඟ පාලනය කරන රාජ්‍යයක් ලෙස ගොඩනැගීමට අපි කැපවී සිටිනවා-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

දකුණු ආසියාවේ අනාගතය තීරණය වන්නේ ගෝලීය බල තුලනයේ සිදුවන වෙනස්කම් හෝ ආර්ථික තරඟකාරිත්වය මත පමණක් නොවෙයි රජය වෙනම ව්‍යුහයක් ලෙස සිටිමින් ජනතාව පාලනය කරන රාජ්‍යයක්...

මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබෙන බව මල්වතු නාහිමියන් පැවසූවා- දිනන දකුණ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම පිළිබඳ ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇති බවට මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් පැවසූ බව දිනන දකුණ සාමූහිකය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img