Saturday, August 8, 2026
HomeNEWSLatest Newsජාත්‍යන්තර මානව හිමිකම් දින පණිවිඩය

ජාත්‍යන්තර මානව හිමිකම් දින පණිවිඩය

ජාත්‍යන්තර මානව හිමිකම් දින පණිවිඩය

සෑම වසරකම දෙසැම්බර් 10 වැනි දින සමරනු ලබන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදට යෙදී තිබේ.

1950 වර්ෂයේ දෙසැම්බර් මස 04 වන දින එක්සත් ජාතීන්ගේ 317 වන මහා මණ්ඩල රැස්වීමේදී ජාත්‍යන්තර මානව හිමිකම් දිනය විධිමත් ලෙස ස්ථාපිත විය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා මාලාවේ 423(V) යෝජනාව ප්‍රකාරව සියලු සාමාජික රටවල් හා සංවිධාන ජාත්‍යන්තර දිනයක් ලෙස එය අනුමත කළේය.

ඒ අනුව සෑම වසරකම දෙසැම්බර් 10 වැනිදා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරේ. සියලු ජනතාවට උපතින්ම මුලික අයිතිවාසිකම්වලට ඇති අයිතිය සහ සමානාත්මතාව තහවුරු කිරීම මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණයි. එසේම, ලොවපුරා මානව හිමිකම් ගැටලු පිළිබඳව දැනුවත් කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ මානව හිමිකම් තත්ත්වය වැඩිදියුණු කිරීම ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීමේ අරමුණු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙකු ලෙස වර්ෂ 1955 දී ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රඥප්තිය පිළිගත්තේය.

රටක නීතියෙන් සහ අන්තර්ජාතික නීතිය මඟින් නෛතික අයිතිවාසිකම් ලෙස නිරතුරුව පිළිගැනෙන සදාචාරාත්මක ප්‍රතිපත්තීන් මානව හිමිකම් ලෙස අර්ථකතනය කළ හැකි ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අර්ථකතනය අනුව පුද්ගලයෙකුගේ ආගම, ජාතිය, පදිංචිය, සමේ වර්ණය, වත්කම් යනාදී කිසිවක් ඒ සඳහා බලනොපායි.

එසේම, මානව හිමිකම් තිරසාර සංවර්ධන අරමුණු වල මුලික හදවතයි. මානව ගරුත්වයකින් තොර රටකට තිරසාර සංවර්ධනයක් කරා ගමන් කළ නොහැකිය. එසේම, විශ්වීය අගයන් මත පදනම්වන මානව හිමිකම් තුළින් සමානාත්මතාව, ගෞරවය, ස්ථාවරත්වය, සහභාගීත්වය, වගවීම, ප්‍රතිපෝෂණය සහ නීතියේ ආධිපත්‍යය වැනි වැදගත් සංකල්පයන්හි වටිනාකම පුරවැසියන්ගේ අවධානයට ලක් කරනු ලබයි.

මානව හිමිකම් රැකගැනීම ඔස්සේ පුද්ගල දියුණුව සේම ලෝකයක් ලෙස එක්සත්ව ඉදිරියට යාමට හැකිය.එසේම, මානව අයිතිවාසිකම් දිනය හුදු දාර්ශනික කථාබහට පමණක් සීමා නොවුණු ප්‍රායෝගික භාවිතයේ වැදගත්කම හඳුනාගත් එකක් විය යුතුය.

රජයක් ලෙස අප ලක්වැසි  ප්‍රජාවගේ මානව හිමිකම සුරක්ෂිත කළ යුතුය. අපි බලයට පත් වූ සෑම අවස්ථාවකදීම මානව හිමිකම් ආරක්ෂා කරමින් විනයානුකූලව ලක්වැසි ප්‍රජාවගේ මානව අයිතීන් ආරක්ෂා කිරීමට බැඳී සිටියෙමු. සෞභාග්‍යයේ රාජ්‍ය ප්‍රතිපත්තිය තුළින් සියලු ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරමින් රටේ හා පුරවැසියන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස කැපවන්නෙමු.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වුව ද මානව ප්‍රජාවගේ අයිතිවාසිකම් කඩ නොවන පරිදි මූලික අයිතිවාසිකම් මෙන්ම, අවශ්‍යතාවයන් වෙනුවෙන්  රජය කටයුතු කරන බව ඔබ දන්නා සත්‍යයකි.

අයිතිවාසිකම් භුක්ති විදිනවා මෙන්ම ඒ හා බැඳුණු යුතුකම් ඉටු කිරීමටත් අප වගබලා ගත යුතුයි. ලොවක් වශයෙන් මුහුණ දී ඇති කොරෝනා වසංගතය පාලනය කර ගැනීමට මෙන්ම, රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා අයිතිවාසිකම් දිනා ගනිමින්,  ඇවැසි යුතුකම ඉටු කිරීමට මෙවර මානව හිමිකම් දිනයේදී අත්වැල් බැඳ ගැනීමට ආරධනා කරමි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දීය රජයේ අනුග්‍රහය

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලාංකික කිරි ගොවීන්ට විශේෂ පුහුණුවක්ඉන්දීය මහකොමසාරිස් කාර් යාලය හරහා කරන ලද ඉල්ලීමකට අනුව, ඉන්දීය රජයේ...

ජනපතිට යැවූ ලිපිය ප්‍රසිද්ධ කරන්න- ඒකාබද්ධ විපක්ෂය මහානාහිමිවරුන්ගෙන් ඉල්ලයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයෝ අද (08) පස්වරුවේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ ද, මල්වතු...

ජනතාව සමඟ පාලනය කරන රාජ්‍යයක් ලෙස ගොඩනැගීමට අපි කැපවී සිටිනවා-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

දකුණු ආසියාවේ අනාගතය තීරණය වන්නේ ගෝලීය බල තුලනයේ සිදුවන වෙනස්කම් හෝ ආර්ථික තරඟකාරිත්වය මත පමණක් නොවෙයි රජය වෙනම ව්‍යුහයක් ලෙස සිටිමින් ජනතාව පාලනය කරන රාජ්‍යයක්...

මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබෙන බව මල්වතු නාහිමියන් පැවසූවා- දිනන දකුණ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම පිළිබඳ ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇති බවට මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් පැවසූ බව දිනන දකුණ සාමූහිකය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img