Sunday, November 15, 2026
HomeNEWSLatest Newsඅධිකරණයට ආ හෝමාගම ප්‍රාදේශීය සභාවේ සෙවිලි තහඩු මිලදී ගැනීම

අධිකරණයට ආ හෝමාගම ප්‍රාදේශීය සභාවේ සෙවිලි තහඩු මිලදී ගැනීම

අධිකරණයට ආ හෝමාගම ප්‍රාදේශීය සභාවේ සෙවිලි තහඩු මිලදී ගැනීම

හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ මහතාගේ ධුරය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

හෝමාගම බදු ගෙවන්නන්ගේ සංගමයේ සභාපති ගමගේ විජේරත්න මහතා විසින් ගොනු කර ලද පෙත්සමක් සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් එම නොතීසි නිකුත් කිරීම සිදු කළේය.

ඒ අනුව ඔක්තෝබර් මස 06 වන දා මෙම පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, හෝමාගම ප්‍රාදේශීය සභාව, එම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ, එම ප්‍රාදේශිය සභාවේ ලේකම්,  බස්නාහිර පළාතේ පළාත් පාලන කොමසාරිස් සහ පළාත් පාලන සහකාර කොමසාරිස් යන අය වෙත නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කළේය.

අදාළ පෙත්සම මඟින් පෙත්සම්කරු කියා සිටින්නේ 2019 වසරේ හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පදිංචි අඩු ආදායම් ලාභීන් අතර බෙදාදීම සඳහා වගඋත්තරකාර හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සෙවිලි තහඩු 1040ක් මිලදී ගෙන ඇති බවත් එම සෙවිලි තහඩු මිලදී ගැනීමේදී එක් තහඩුවකින් රුපියල් 380/-ක වංචාවක් සිදුකර ඇති බවත්ය.

මෙම මිලදීගැනීමේ ක්‍රියාවලිය තුළ අවිධිමත්භාවයක් පෙන්නුම් කරන බව වගඋත්තරකාර පළාත් පාලන සහකාර කොමසාරිස් විසින් සිදුකළ විමර්ශණයකින් ද කරුණු අනාවරණය වී ඇතැයි ද පෙත්සම්කරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img