ඇෆ්ගනිස්තානයට බලපා ඇති අධික ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 124 දෙනෙකු මියගොස් තිබේ.
පසුගිය සතිය තුළ එම පිරිස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අධිත ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් සත්වයින් 70,000ක් පමණ මියගොස් ඇති බව වාර්තා වේ.
තලෙබාන් සංවිධානය විසින් ඇෆ්ගන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම අත්හිටුවා ඇති බැවින් බොහෝ ආධාර ආයතන සිය මෙහෙයුම් කටයුතු නවතා ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් ආධාර නොමැතිව මියගිය ද සිය සංවිධානය විසින් ගත් තීරණය වෙනස් නොකරන බව තලෙබාන් සංවිධානය සඳහන් කර ඇත.






















