Sunday, May 3, 2026
HomeNEWSLatest Newsඅන්තවාදී දේශන සහ වැඩමුළුවලට සහභාගී කරවූ මද්‍රසා පාසලේ දරුවන්

අන්තවාදී දේශන සහ වැඩමුළුවලට සහභාගී කරවූ මද්‍රසා පාසලේ දරුවන්

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම අද (31) දිනයේදීත්, සාක්ෂි විමසීම සිදුකළ අතර අද සාක්ෂි ලබා දුන්නේ සහරාන් ගේ පුහුණු කඳවුරු පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ විමර්ශන නිලධාරී ශ්‍රීමාල් සංජීව සම්පත් මහතාය.

ඔහු කියා සිටියේ වනාතවිල්ලුව කාර්තිව් ප්‍රදේශයේ ක්‍රියාත්මක අල් සුහ්රියා නම් මද්‍රසා පාසලක් තුළ සහරාන් හෂීම් ප්‍රමුඛ අන්තවාදින් 2015 සිට 2019 දක්වා වැඩමුළු සහ පුහුණුවීම් පවත්වා ඇති බවය.

එම මද්‍රසා පාසල තුළ පිරිමි ළමුන් 36 දෙනෙකු ඉගෙනුම ලබා ඇති බව අනාවරණය කෙරුණි. 

සාක්ෂිකරු පැවසුවේ සහරාන් හෂීම්, ඔහුගේ සොහොයුරු රිල්වාන්, ෂැන්ග්‍රීලා ප්‍රහාරක ඉබ්‍රාහිම් ඉල්හාම් සහ ඔහුගේ බිරිඳ වු ෆාතිමා ජෙෆ්රි, කටුවාපිටිය ප්‍රහාරක හස්තුන්ගේ බිරිඳ වන පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් සහ මොහොමඩ් නවුෆර් යන අය මෙම මද්‍රසා පාසලට පැමිණ අන්තවාදී දේශන සහ වැඩමුළු පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය කරගත් බවය.

එමෙන්ම සහරාන් සහ ඉබ්‍රාහිම් ඉල්හාම් විසින් අන්තවාදි දේශන පවත්වමින් ඒ හා සම්බන්ධ විඩියෝ දර්ශන මද්‍රසා පාසලේ දරුවන්ට පෙන්වා ඇති බවත් සහරාන්ගේ සොහොයුරු රිල්වාන් විසින් ටී-56 ගිනි අවිය පරිහරණය කිරීමේ ප්‍රායෝගික පුහුණුවක් සහ අත්බෝම්බ සෑදීම පිළිබඳ දේශන පැවැත්වීම සිදුකර ඇති බවද සාක්ෂිකරු පැවසීය.

මෙහිදි රජයේ අධිනීතිඥවරිය ප්‍රශ්න කර සිටියේ අදාළ මද්‍රසා පාසල තුළ සිටි පිරිමි දරුවන් 36 දෙනාවම සහරාන් ඇතුළු පිරිස අන්තවාදය පිළිබඳ දේශනවලට සම්බන්ධ කරගෙන තිබේද යන්නය.

එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ ”සේව් ද පර්ල්” නැමැති සංවිධානයක් විසින් මෙම මද්‍රසා පාසලට ඇතුළත් කරනු ලැබු දරුවන් 26 දෙනෙකු පමණක් සහරාන් හෂීම් මෙම අන්තවාදී දේශන සහ වැඩමුළු සඳහා සහභාගි කරගෙන ඇති බව වාර්තා වේ.

එසේම අදාළ දරුවන් මට්ටක්කුලිය, මාදම්පේ සහ පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් බහුතරයක් අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන් බවත්, විමර්ශන නිලධාරියා කොමිසමට ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img