Wednesday, November 11, 2026
HomeNEWSඅනාරක්ෂිත ඉදිකිරීම් වළකට යතුරුපැදියක් වැටී තරුණයෙක් මරුට

අනාරක්ෂිත ඉදිකිරීම් වළකට යතුරුපැදියක් වැටී තරුණයෙක් මරුට

යතුරුපැදියේ පසුපැදිකරු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, යතුරුපැදිකරුට කිසිදු හානියක් සිදුව නොමැති බව අප වාර්තාකරු පැවසීය.

ප්‍රදේශවාසීන් පවසන්නේ බේරුවල නගර සභාව මඟින් දැනට මාසයක පමණ කාලයක් පුරා මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන බවය.

මාර්ගයේ ඉදිකිරීමක් සිදුකරන බව ට වු පෙර දැනුම්දීමේ පුවරුවක් හෝ එම ස්ථානයේ සවිකර නොමැති බවත් ඒ හේතුවෙන් රාත්‍රී කාලයේ දී එම ස්ථානය ඉතා අනතුරුදායක බවත් ප්‍රදේශවාසීහු පවසති.

තරුණයින් දෙදෙනා වේගයෙන් යතුරුපැදිය ධාවනය කර ඇති අතර, වේගය පාලනය කර ගැනීමට නොහැකිව දුම්රිය හරස් මාර්ගය අසල ඉදිකිරීම් ස්ථානයේ තිබු කම්බි වැට මතය වැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.

මේ අතර යතුරුපැදිකරු බීමතින් සිටි බව ද බේරුවල පොලීසිය සඳහන් කළ බව අප වාර්තාකරු පැවසීය.

අනතුරින් මියගොස් ඇත්තේ, බේරුවල මාගලකන්ද ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අවිවාහක අයෙකි.

බරපතළ තුවාල ලැබු තරුණයා බේරුවල රෝහලට රැගෙන යන විටත් ජීවිතක්ෂයට පත්ව සිට ඇත.

අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු පොලිස් බාරයට ගෙන ඇති අතර, බේරුවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img