Wednesday, November 11, 2026
HomeNEWSජීවිත දෙකක් බිලිගත් මාරක රිය අනතුර

ජීවිත දෙකක් බිලිගත් මාරක රිය අනතුර

තිස්සමහාරාම සඳුන්ගම, මුතියම්මාගම ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටී පුද්ගලයෙක් සහ කාන්තාවක් මියගොස් තිබේ.

තිස්සමහාරාම බෙරලිහෙල මාර්ගයේ මුතියම්මාගම ප්‍රදේශයේදී බෙරලිහෙල සිට තිස්සමහාරාම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයේ දකුණු පසට හැරවීමේදී බෙරලිහෙල දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටී ඊයේ (18) පස්වරුවේ අනතුරක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

එහිදි ත්‍රීරෝද රථය ඇදී ගොස් ගේට්ටු කණුවක ගැටී අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු සහ පිටුපස අසුනේ ගමන්ගත් කාන්තාවක් දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.

කෙසේවෙතත් අනතුර සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලීසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීහු පොලීසිය ඉදිරිපිට සිය අප්‍රසාදය පළ කළෝය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img