Thursday, September 10, 2026
HomeNEWSඅප්‍රේල් වැටුප ගෙවන්නේ මෙහෙමයි

අප්‍රේල් වැටුප ගෙවන්නේ මෙහෙමයි

ආණ්ඩුවේ මුදල් ප්‍රවාහයට බරක් වුවද අප්‍රේල් මස 10 වනදාට පෙර රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මෙම වසරේ අවසන් කාර්තුව වන විට රාජ්‍ය සේවකයින් වෙනුවෙන් විශේෂ දීමනාවක් ලබාදීමට ද රජය කටයුතු කරන බවය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

“රාජ්‍ය සේවකයින් ගැන රාජ්‍ය නායකයා හැටියට ජනාධිපතිවරයා හා රජය විශේෂ අනුග්‍රහයක් දක්වමින් තමයි කටයුතු කරන්නේ. දැන් මෙවැනි තත්ත්වයකදී බොහෝ රටවල එන පළවෙනි යෝජනාව තමයි රාජ්‍ය සේවක වැටුප් කප්පාදුව කියන එක. ඉතින් අපේ රටේ එවැන්නක් හිතුවෙවත් නැහැ. මොකද අපි දන්නවා රාජ්‍ය සේවකයාත් අමාරුවෙන් ඉන්නෙ. මේ උද්ධමන පොලී වැඩිවීමත් එක්ක.”

“අප්‍රේල් මාසය වෙනකොට අපිට අපේ මුදල් ප්‍රවාහවලට ලොකු බරක් එනවා. සාමාන්‍යයෙන් මාසේ 25 රාජ්‍ය සේවකයාට ගෙවන වැටුප අපි මේ මාසේ ගෙවන්න ඕනේ.. අප්‍රේල් 10 වනදාට පෙර. එය මුදල් ප්‍රවාහයට ලොකු බරක්. විශ්‍රාම වැටුප සහ සමෘද්ධියත් 10 වනදාට පෙර දිය යුතුයි. ජනපති දැනුම් දුන්නා එය ගෙවිය යුතු බව. මූල්‍ය උපක්‍රම භාවිත කරලා ගෙවීම් කරනවා.” 

“එය රාජ්‍ය සේවකයා ගැන දක්වන සුවිශේෂිතාවයක්. ජනපති පසුගිය අයවැය ලේඛනයේ ප්‍රකාශ කළා… වසර අවසාන වනවිට රාජ්‍ය සේවකයාට වි‍ශේෂ ලබාදිය හැකි දීමනාවන් ලබාදෙනවා කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img