Sunday, November 15, 2026
HomeNEWSLatest Newsඅපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කුමක් වේද ? මහින්ද...

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කුමක් වේද ? මහින්ද දේශප්‍රිය ගේ පිළිතුර

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කුමක් වේද ? මහින්ද දේශප්‍රිය ගේ පිළිතුර

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තවමත් අධ්‍යයනය කරමින් සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

දෙරණ “බිග් ෆෝකස්” වැඩසටහනට අද (11) පෙරවරුවේ සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා (08) වන විට ලිපි තුනක් මැතිවරණ කොමිසම වෙත ලැබී තිබුණු බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.

පළමු ලිපිය පුජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේගෙන් ලැබූණු බවත් දෙවන ලිපිය අපේ ජන බල පක්ෂයේ සභාපතිගෙන් ලැබූ බවත් ඒ මහතා පැවසීය.

“එම ලිපිවල සඳහන්ව තිබුණේ පක්ෂ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්ගෙන්ගේ ලිපි වලංගු නොවන බව” යනුවෙන් බව මහින්ද දේශප්‍රිය මහතා හෙළි කළේය.

එහෙත් මැතිවරණ කොමිසම ට ලැබුණු තෙවැනි ලිපිය ලැබී තිබුණේ අපේ ජන බල පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්ගෙන් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේ ජන බල පක්ෂයට මැතිවරණ ප්‍රතිඵල අනුව එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිව තිබේ. පසුව ඒ සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නම යෝජනා විණි.

මේ අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කෙරුණද ඒ බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දීමේ නෛතික ගැටලු කිහිපයක් මතුව ඇති බව අපේ ජන බල පක්ෂයේ භික්ෂූන් වහන්සේ ඊයේ (10) මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළි කළහ.

පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පැවසුවේ ඥානසාර හිමි මන්ත්‍රී ධුරයට තෝරාගත් බවට මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම්දීමේ වගකීම ඇති පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් මේ වනවිට අතුරුදන්ව සිටීම ඊට හේතු වී ඇති බවය.

මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුවුයේ එම පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමි විසින්, තමන් වහන්සේ පාර්ලිමේන්තුව සඳහා තෝරාගෙන ඇති බවට වූ ලිපියක් මැතිවරණ කොමිසම වෙත යැවීමත් සමගය.

කෙසේවෙතත්, එම පක්ෂයේම සභාපතිවරයා ඇතුළු පිරිසක් එය වලංගු නොවන බවට මැතිවරණ කොමිසමට කරුණු දැක්වූ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂයේ සාමාජිකත්වය දරන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව නම් කිරීමට එහි මධ්‍යම කාරක සභාව ඉරිදා (09) තීරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img