කොවිඩ් වැළඳුණු 29කට සුවයි
තවත් කොවිඩ්-19 ආසාදිතයින් 29 සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව, මෙරට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 2622ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 238 ක් දක්වා අඩු වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
සැකසහිත රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් 49 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසති.






















