Monday, November 9, 2026
HomeNEWSඅපේ රටේ තවමත් ක්‍රියාත්මක වන්නේ දූෂිත පවුල් පාලනයක්. ඒකයි IMF දෙවැනි වාරිකය...

අපේ රටේ තවමත් ක්‍රියාත්මක වන්නේ දූෂිත පවුල් පාලනයක්. ඒකයි IMF දෙවැනි වාරිකය ලැබුණේ නැත්තේ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

අපේ රටේ තවමත් ක්‍රියාත්මක වන්නේ දූෂිත පවුල් පාලනයක්. ඒකයි IMF දෙවැනි වාරිකය ලැබුණේ නැත්තේ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකමට අදාව ගිවිසුමට අනුව දෙවැනි ණය වාරිකය සම්බන්ධ ප්‍රගති සමාලෝචන සාකච්ඡා නිසි තීරණයකින් තොරව අවසන් වී ඇති බවත් එම වැඩපිළිවෙළ නිසි කාර්යක්ෂමතාවකින් යුතුව සම්පූර්ණ කිරීමට රජය අපොහොසත් වී ඇති නිසා එම දෙවැනි වාරිකය ලබා දෙන නිශ්චිත දිනයක් දන්වා නොමැති බවත් ඒ සදහා ශ්‍රී ලංකා රජය විසින් ආදායම් ඉලක්ක සපුරා ගැනීමත් දුෂණ වංචා වැළැක්වීමට අදාළ රාජ්‍ය පාලනයට සම්බන්ධ ඉලක්ක සපුරා ගැනීම සිදු කළ යුතු බවත් මේ සදහා රජය ගන්නා පියවර කවරේද කියා විමසා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අයි. එම්. එෆ් එක විසින් ලබා දුන් පරිපාලන දෝෂ විනිශ්චය වාර්තාවට අනුව මේ රටේ දූෂණය ඉහවහා ගොස් ඇති බව සුලු ප්‍රභූ පවුල් ප්‍රමාණයක් අතර බලය කේන්ද්‍ර ගත වීම, මහජන දේපල අවභාවිතය තුළ දූෂිත පවුල් පාලනය තුල රට බංකොලාත් වී ඇති බවත් තවමත් මේ රටේ ක්‍රියාත්මක වන්නේ දූෂිත පවුල් පාලනයේ දිගුවක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ අයි. එම්. එෆ් ගිවිසුමේ දෙවැනි වාරිකය නොගෙවීම සම්බන්දයෙන් රජයෙන් ප්‍රශ්න කරමිනි.

අයි. එම්. එෆ් වාර්තාවට අනුව සුබසාධනය කඩා වැටි දූෂණ විරෝධී වැඩපිළිවෙළක් නොමැති කම හා නීතියේ ආධිපත්‍ය කඩා වැටී ඇති බවත් ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය පවා දුර්වල වී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

අයි. එම්. එෆ් එකේ කොන්දේසි, ඉටු කළ කොන්දේසි හා පැහැර හරින ලද කොන්දේසි කවරේද කියා විමසා සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ රජය වෘත්තිකයන්ගෙන් ඉහළ බදු ප්‍රමාණයක් අය කරමින් සිටින බවත් ඉන්දන, ජලය සහ විදුලි ගාස්තු දිගින් දිගටම ඉහළ නංවමින් සිටින බවත් මේ සියල්ල සිදු කරන්නේ රාජ්‍ය ආදායම වැඩ කර ගැනීමේ අරමුණින් වුවත් මත්පැන් නිෂ්පාදන ආයතන 2ක් බිලියන 1.7ක බදු පැහැර හැරීම් සිදු කර ඇති බවත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img