Monday, October 26, 2026
HomeNEWSLatest Newsඅබුඩාබි හි අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයෙක් මරුට

අබුඩාබි හි අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයෙක් මරුට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෑස් නලයක් පිපිරීමෙන් සිදු වූ අනතුරකින් ශ්‍රී  ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට පත්වී තවත් අයෙකු තුවාල ලබා තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති මල්රාජ් ද සිල්වා මහතා සඳහන් කළේ, අදාළ අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට පොලීසිය සමග සම්බන්ධ වී තොරතුරු ලබා ගනිමින් සිටින බවය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි පසුගිය අගෝස්තු 31 වන දින සිදු වූ පිපිරිමකින් ශ්‍රී ලාංකික තරුණයෙකු මියගොස් ඇති බවට වාර්තා පල වී තිබුණි.

ගෑස් ටැංකිකයක් පුපුරායාමෙන් සිදු වු එම අනතුරින් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේය.

කෙසේවෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

එහෙත් අනතුරින් ශ්‍රී ලාංකික තරුණයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති  බවට මේ වන විට අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img