හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැලි කැනීම් සිදු කිරීම නිසා පරිසරයට සිදුව ඇති හානිය නිරීක්ෂණය කිරීමට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්විය.
වලවෙවත්ත, ජංසගම,යන ප්‍රදේශවල නිසි අයුරින් බලපත්‍ර නොගෙන හා බලපත්‍ර කොන්දේසි බරපතල ලෙස උල්ලංඝණය කරමින් සිදු කරන ලද වැලි කැනීම් හේතුවෙන් සිදුව ඇති පරිසර විනාශය නිරීක්ෂණ විය.
එහිදී චමල් රාජපක්ෂ මහතා වාරි මාර්ග නිලධාරීන්ට දැනුම් දුන්නේ දැනට වැලි කැනීම් සිදු කර ඇති ගොඩ කිරීමට අපහසු තත්වයේ පවතින වලවල් කිහිපයක් වැව් බවට පත් කිරීමට ඇති හැකියාව සහ එම වැව් වල මිරිදිය මසුන් වගා කිරීමටත් ඒ තුලින් විදේශ විනිමය උපයා ගතහැකි පිවරක් අනුගමනය කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙසයි.එසේම නිසි අයුරින් බලපත්‍ර නොගෙන හා බලපත්‍ර කොන්දේසි බරපතල ලෙස උල්ලංඝණය කරමින් සිදු කරන ලද වැලි කැනීමේ හේතුවෙන් සිදුව ඇති පරිසර විනාශය පිලිබඳව විධිමත් නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් දියත් කරන ලෙස අදාළ අනෙකුත නිළධාරින්ට උපදෙස් ලබා දුණි.
එසේම මින් ඉදිරියට වැලි අවශ්‍යතාවයට ඉල්ලීමක් ලැබුණු පසුව එය හදුනාගෙන ප්‍රාදේශීය ලේකම්,භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ ඉංජිනේරු,වාරි මාර්ග ඉංජිනේරු,පරිසර අධිකාරිය, ඇතුළු ආයතන කිහිපයකින් සැදුම්ලත් කමිටුවක් මගින් නිරීක්ෂණය කර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වෙත යෝජනාව ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් පසුව බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන ලෙස නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසීය.
මෙම අවස්ථාව සදහා දිස්ත්‍රික් ලේකම් එච්.පී. සුමණසේකර, ප්‍රාදේශීය ලේකම් දිස්නා පී රණසිංහ,ගොවිජනසේවා සහකාර කොමසාරිස් පුබුදු සදරුවන්යන මහත්ම මහත්මීන්ද භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්,වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,පරිසර අධිකාරියේ නිලධාරීන්,පොලීසියේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්විය විය.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය – හම්බන්තොට – එච්.බී.ජනක ප්‍රසාද් )






















