Friday, November 6, 2026
HomeNEWSඅමෙරිකානු ජනපති ගේ නිවසින් හමු වූ රහසිගත ලේඛන

අමෙරිකානු ජනපති ගේ නිවසින් හමු වූ රහසිගත ලේඛන

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩෙලවෙයාර්හි පිහිටි නිවසේ තිබී රහසිගත ලේඛන 06ක් සොයාගෙන තිබේ.

අමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයින් පිරිසක් විසින් බයිඩන්ගේ නිවස පැය 13ක පමණ කාලයක් සෝදිසි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදී එම රහසිගත ලේඛන සොයාගෙන ඇති අතර බයිඩන් සෙනෙට් සභිකයෙකු ලෙස සිටි කාලයට සහ උප ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කළ කාලයට අයත් ලියකියවිලි කිහිපයක් ඒ අතර වන බව සඳහන් වේ.

මීට පෙර අමෙරිකානු ජනාධිපතිගේ වොෂින්ටන්හි පිහිටි නිවසේ තිබී ද රහසිගත ලේඛන කිහිපයක් සොයාගත් අතර අදාළ ලේඛන නිවෙස් තුළ තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සොයාගත් ලේඛන සියල්ල ජාතික ලේඛනාගාරයට සහ අධිකරණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට ස්ථාන මාරුවක්

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු...

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු...

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...

රටට වැඩක් කරන්න පුළුවන් එකම එක මුස්ලිම් නායකයෙක්වත් මාලිමා ආණ්ඩුවට නැහැ- ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් එම සිංහල බෞද්ධකම මගින් අනෙකුත් ජාතීන්ට සහ ආගම්වලට රැකවරණය හිමිවන බවත් නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img