විදේශ විනිමය වෙළෙඳපොළ තුළ මෑත කාලීනව ඇතිවූ ඇතැම් ප්රවණතා හේතුවෙන් ගැටලු කිහිපයක් උද්ගත වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ,
රේගුව විසින් වාර්තා කරන එක්සත් ජනපද ඩොලර් මිලියන 985ක මාසික සාමාන්‍ය අපනයනවලට සාපේක්ෂව බැංකු විසින් වාර්තා කරන ලද රට වෙත ලැබී ඇති අපනයන ඉපැයීම්වල මාසික සාමාන්‍ය එක්සත් ජනපද ඩොලර් මිලියන 640ක් පමණ වන බවය.
මෙම අගයන් දෙක අතර එක්සත් ජනපද ඩොලර් මිලියන 345ක පරතරයක් පෙන්නුම් කෙරේ.
මහ බැංකුව ප්‍රශ්න කරන්නේ, මෙම නිරීක්ෂණය අපනයනකරුවන් සිය අපනයන ඉපැයීම් සියයට සියයක් රට වෙත රැගෙන ආයුතු බවට වන නියාමනයට අනුකූල වන්නේ ද යන බරපතළ ප්රශ්නය මතු කරන බවය.
මෙම පසුබිම තුළ, විශේෂයෙන් වසංගතය ආශ්රිත පීඩන හේතුවෙන් විදේශ විනිමය ලැබීමේ අනෙකුත් ප්‍රධාන මාර්ග මත අයහපත් බලපෑම් ඇතිවීමත් සමග ගැටලුකාරී තත්ත්වය මතුවී ඇති බව මහ බැංකුව සඳහන් කරයි.
විදේශීය අංශයේ ස්ථායීතාව සහ සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සඳහා අපනයන ඉපැයීම් රට වෙත ගෙන්වා ගැනීමේ හා එම මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේ වැදගත්කම පිළිබඳව නිවේදනය කරමින් මහ බැංකුව මේ බව පෙන්වා දෙයි.
එම සම්පූර්ණ නිවේදනය පහතින්,






















