මෙරට අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය සහ උතුරේ දේශපාලන පක්ෂ නායකයින් අතර සාකච්ජාවක් පවත්වා තිබේ.
යාපනය දිස්ත්රික්කයේ සංචාරයකට එක්ව සිටින අමරිකානු තානාපතිවරිය උතුරේ දේශපාලන පක්ෂ නායකයින් සමඟ එම සාකච්ඡාව ඊයේ (25) යාපනය නගරයේදී පැවති බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා, දෙමළ ජනතා ප්රජාතන්ත්රවාදී සන්ධානයේ නායක සී.වී. විග්නේශ්වරන් මහතා, ප්ලෝට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා ඇතුළු කණ්ඩායමක් එම සාකච්ජාවට එක්ව තිබේ.
මෙරට පවතින දේශපාලන ගැටලුව හා ආර්ථික ගැටලු මෙන්ම උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් එහිදි සාකච්ජා පැවැත්වු බව උතුරේ දේශපාලන පක්ෂ නියෝජිතයින් පැවසූ බව වාර්තා වේ.
සියලුදෙනා එක්ව දේශපාලන තීරණයක් ගත යුතු බවට එහිදි ඇමරිකානු තානාපතිවරිය සඳහන් කර ඇති බව ද උතුරේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සඳහන් කර තිබේ.






















