Friday, August 21, 2026
HomeNEWSඅමෙරිකාව, ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට ..වාහන බද්ද ද අඩු කෙරේ

අමෙරිකාව, ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට ..වාහන බද්ද ද අඩු කෙරේ

අමෙරිකාව, ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව, ආනයනික භාණ්ඩ සඳහා සියයට 15ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ.අදාළ ගිවිසුම අනුව ජපානය, අමෙරිකානු නිෂ්පාදන වන මෝටර් රථ, ට්‍රක් රථ, සහල් සහ ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු අනෙකුත් ආනයනය භාණ්ඩ සඳහා සියයට 15ක බද්දක් අඩුකර ඇති බවය.Truth Social ගිණුමෙහි සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, මෙම ගිවිසුම ජපන් ආයෝජන ඩොලර් බිලියන 550ක් අමෙරිකාව තුළ සිදුකිරීමට නියමිත බවය. එමෙන්ම අදාළ තීරණය හේතුවෙන් අමෙරිකාවට යහපත් කාලයක් උදාවන අතර, එය ජපානය සමඟ ඇති සම්බන්ධතාවය වර්ධනය කරගැනීමට හේතුවක් වන බව ද ට්‍රම්ප් අවධාරණය කර තිබේ.මීට පෙර තීරු බදු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ට්‍රම්ප් පවසා තිබුණේ ජපානය, දකුණු කොරියාව ඇතුළු රටවල් 14ක් වෙත ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක තීරුබද්දක් පනවන බවය. අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ට්‍රම්ප් ලිඛිතව දැනුම් දී තිබූ අතර, තීරු බදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 විරුද්ද මහනායක හිමිවරුත් හොරුද.. ඇප පිටද.. සැක පිටද..

දැන් මං දැක්කා මේ සමහර ඇමතිවරු, මන්ත්‍රීවරු කියනවා මේ විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වෙන්නේ හොරුලු, ප්‍රශ්න තියෙන අයලු. ​දැන් ගරු සභාපතිතුමිය, ගරු මහා නායක...

නන්දා මාලනිය වෙනුුවෙන් තෙදිනක ශෝක කාලයක් – අවසන් කටයුතු 22 සෙනසුරාදා

ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ගායන වේදනී, විශාරද ආචාර්ය නන්දා මාලනියගේ අභාවය හේතුවෙන් 2026 අගෝස්තු මස 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස...

දිස්ත්‍රික්ක රැසකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම...

වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක් – පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7,500ක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කථානායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img