Friday, November 6, 2026
HomeNEWSඅයවැය ඉදිරිපත් කළ හැක්කේ රනිල්ගේ රාමුව තුළ පමණක් බව වජිර පෙන්වා දෙයි.

අයවැය ඉදිරිපත් කළ හැක්කේ රනිල්ගේ රාමුව තුළ පමණක් බව වජිර පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (06) මාධ්‍යයට දැක්වු අදහස් වර්තමාන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ඉදිරිපත් කළ යුත්තේ 8 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගොඩනැගු ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ සිටම පමණක් බවත් ඉන් පිටතට යමින් යම්කිසි විදිහකින් අයවැයක් ඉදිරිපත් කළහොත් නැවත වරක් සමස්ථ ශ්‍රී ලාංකික මහජනතාව ආර්ථික වශයෙන් දැවැන්ත කඩා වැටීමකට ලක්වන බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අවධාරණය කළේය.එසේම මේ වනවිටත් වර්තමාන රජය අයවැය ඉදිරිපත් කිරීම පමා වී තිබෙන බවත් ඉන් ඇති වී තිබෙන මූල්‍ය තදබදය (Financial Traffic) රට නැවත වරක් ආර්ථික අර්බුධයකට ගෙන යාමට පාර කපන බවත් ඒ මහතා පැවසීය.වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (06) සවස ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික්ක කාර්යාලයේ තිබු මාධ්‍ය හමුවකට එක්වෙමිනි.මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. රටට අයවැයක් ඉදිරිපත් කරන්න තිබුණේ පහුගිය වසරේ නොවැම්බර් මාසයේදීයි. අද වනවිට එය ඉදිරිපත් කරන්න මාස තුනක් පමණ පමා වෙලායි තිබෙන්නේ. ඒ පමා වීමත් සමග ඇතිවන මූල්‍ය හැසිරවීමේ ක්‍රියාවලියේ ඇතිවන පාඩුව වලක්වා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි.දෙවැනියට ඔබ මතක තබා ගත යුතු කාරණය තමයි, රජයට හිතුමනාපෙට අයවැයක් ඉදිරිපත් කරන්න බැහැ. උදාහරණයක් හැටියට ගත්තම 8 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගත්තේ වැදගත් පනත් 92 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා. එයින් වැදගත්ම පනත් ගණනාවක් පාර්ලිමේන්තුව තුළ සම්මත කරලයි. ඒ නීතිවලට අනුව තමයි මේ අයවැය ගෙනෙන්නට තිබෙන්නේ. වෙනත් ක්‍රමයක් නැහැ.එකක් තමයි 2022 සිට 2024 දක්වා අවුරුදු දෙක හමාරක කාලය තුළ ජාතික සභාවල් ගණනාවක් පිහිටුවලා විවිධ මත දරණ අයගේ අදහස් ඒකරාශී කරගෙන 2024 අංක 33 දරණ රාජ්‍ය ණය කළමණාකරන නීතිය සම්මත කළා. එය ගරු කථානායකතුමන් විසින් අත්සන් තැබුවා 2024 ජූනි 18 වෙනිදා. දැන් මෙයට පිටින් අයවැයක් ඉදිරිපත් කළොත් රටේ මහජනතාව ආර්ථික වශයෙන් කඩා වැටීමට නියමිතව තිබෙනවා.ඊට පස්සේ එවකට රජය විසින් තවත් නීතියක් සම්මත කළා 2023 අංක 6 දරණ පාර්ලිමේන්තු අයවැය කාර්යාල නීතිය. එයත් ගරු කථානායකතුමන් විසින් අත්සන් කළා, 2023 ජූලි මස 27 වෙනිදා. මෙය තවමත් සම්පූර්ණ කරලා නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149, 150, 151 සහ 152 වගන්ති අනුව නැවත රට බංකොලොත්වීමක් ඇති නොවීම සඳහාත්, ජාත්‍යන්තර ණය දෙන ආයතන සමගත් සාකච්ඡා කරලා රට තුළ මූල්‍යමය විනයක් තබාගැනීමට අවශ්‍ය පරිදි තමයි මේ අයවැය කාර්යාල නීතිය සම්මත කරගෙන තිබෙන්නේ. හරිනම් මේ අයවැය කාර්යාල නීතිය අනුව කඩිනමින් මෙයට අදාළ බලධාරීන් සහ නිලධාරීන් පත් කරලා මහජන නියෝජිතයින්ට අවශ්‍ය කරන සහයෝගය පාර්ලිමේන්තුව තුළ ලබාදිය යුතුව තිබෙනවා.ඊළඟට තවත් වැදගත් පනතක් සම්මත කළා ආර්ථික පරිවර්ථන පනත. 2024 අංක 45 දරණ නීතිය සම්මත කළා 2024 අගෝස්තු මාසයේ 9 වෙනිදා මේ නීතිය සම්මත කර තිබෙනවා. මෙන්න මේ නීති යටතේ තමයි අයවැය ඉදිරිපත් කළ යුතුව තිබෙන්නේ. මේ නීතිවලින් පිට අයවැයක් ගේන්න බැහැ. මේ නීතිවලින් පිට යම්කිසි විදිහකින් අයවැයක් ගෙනාවොත් රට බරපතල කඩාවැටීමකට ලක්වෙනවා.ඊළඟට රනිල් වික්‍රමසිංහ 8 වැනි විධායක ජනාධිපතිතුමා ගෙනාවා, 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහා බැංකු පනත. එය කථානායකතුමන් විසින් අත්සන් තැබුවේ 2023 සැප්තැම්බර් මාසයේ 14 වෙනිදා. මේ පනතට පිටිනුත් මම ඉහතින් සඳහන් කළා වගේ අයවැයක් ගේන්න හැකියාවක් නැහැ.ඊලඟට ගෙනාවා 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත. මේ පනත සම්බන්ධ කාර්යාලයත් ඉක්මනින්ම පිහිටුවන්න තිබෙනවා. දකුණු ආසියාවේ තිබෙන බලසම්පන්නම නීති පද්ධතිය. හොරා, හොරා කිය කිය ඉන්නේ නැතිව කඩිනමින් හොරු නීත්‍යානුකූල රාමුවට හසුකරගන්න අවශ්‍ය කාර්ය මණ්ඩල වහා පත් කරලා මේ ආයතනය ශක්තිමත් කළ යුතුව තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ක්‍රියාමාර්ගය හරහා දූෂණය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගනී කියලා.පනත් ගණනාවකින් තවත් වැදගත් පනතක් තියනවා, මම ඒකත් ඔබට පැහැදිලි කරන්නම් 2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතිය. ඒක ගරු කථානායකතුමන් විසින් අත්සන් කළා 2023 ජනවාරි මාසයේ 24 වෙනිදා. මේ නිසා තමයි රටට අවස්ථාවක් ලැබිලා තිබෙන්නේ රටේ ආර්ථිකය පාලනය කිරීමටත්, මහජනතාවගේ මතය වෙනස් කිරීම සඳහා වියදම් කිරීමේ නීති රීති සකස් කරන්නත්. ඒ නිසා වර්තමාන රජයටත් ජනාධිපතිතුමන්ටත් පුලුවන්වෙලා තිබුණා සාධාරණ යුක්ති සහගත මැතිවරණයක් පවත්වන්න.එසේනම් අවුරුදු දෙක හමාරක් තුළ 8 වැනි විධායක ජනාධිපතිතුමා පනත් 92 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා රට නැවත බංකොලොත් නොවීම සඳහා අවශ්‍ය කරන නීති පද්ධතිය සකස් කරලා තිබෙනවා. මේ නීතියෙන් පිට අයවැයක් ගෙනෙන්න බැහැ.යම් කිසි විදිහකින් මේ නීතියෙන් පිට අයවැයක් ගෙනාවොත්, මට සහතිකයක් දෙන්න පුලුවන් ඒ රට ඔබත් මමත් නැවත කඩා වැටෙන රටක් බවට පරිවර්තනය වෙන්න පුලුවන්. ඒ නිසා දැනටමත් මේ අයවැය ගෙන එන්න පමා වීම බරපතල ඛේදවාචකයක් හැටියටයි අපි දකින්නේ.රනිල් වික්‍රමසිංහ මැතිතුමා බැලුවේ මේ අයවැය පහුගිය නොවැම්බර් මාසයේ ගෙනවිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනිත් වාරික දෙසැම්බර් මාසය පමණ වනවිට අරගෙන රට ඉදිරියට ගෙියන්න. දැනටමත් Financial traffic එකක්, ඒ කියන්නේ මූල්‍ය තදබදයක් ඇතිවෙලා තිබෙනවා. මෙය රට නැවත වරක් ආර්ථික අර්බුධයකට ගෙන යාමක් බව ප්‍රකාශ කළ යුතුයි.කෙසේ වෙතත් අයවැය ඉදිරිපත් කරන්න පුලුවන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා හදලා තිබෙන ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ පමණයි කියලා මේ සෑම දෙනාම මතකයේ තබා ගත යුතුව තිබෙනවා. ඒ වගේම වෙනත් පාරක් මේ වෙනුවෙන් නොමැති බවත් යම්කිසි විදිහකින් වර්තමාන රජය මෙය වෙනස් කළොත් නැවත වරක් රටත් මහජනතාවත් දැවැන්ත කඩා වැටීමකට ලක්වන බවත් මා මේ අවස්ථාවේදී මතක් කරන්න තැමතියි. එක්සත් ජාතික පක්ෂ සභාපති,හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනමාධ්‍ය ඒකකය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීමක් නොව, ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස රුපියල් මිලියන 78.34ක වියදමින්...

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත්

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා...

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහි සක්‍රීය කොටස්කරුවන් වන්න-ජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහිසක්‍රීය කොටස්කරුවන් වන්නජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි අද රට හමුවේ පැහැදිලිව කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ මත්ද්‍රව්‍ය හා සන්නද්ධ අපරාධ...

අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට

ජෝදානයේ අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට. තානාපති කාර්යාලයේ සියලු කාර්ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img