විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී සිදුකළ සම්පුර්ණ කතාව ‘‘ජනවාරම ගැන අද මේසභාවේ ප්‍රකාශ වන අවස්ථාවේදී ස්ථාවර රටක් නිර්මාණය වන මතය පළ කරන අවස්ථාවේදී ජනවරම ගැන කතා කරන සියලුම දෙනාගෙන් අසන්න කැමතියි ඔබට ලැබුණු ජන වරම ද තිබුණු ජාත්‍යන්තර මූල්‍යය අරමුදලේ ගිවිසුම එලෙසම ක්‍රියාත්මක කිරීම. ඒකද ජනවරම. ඒකද ජනතාවට කිව්වේ. අලුත් ණය තිරසර කිරීමේ වැඩසටහනක් හරහා ජාත්‍යන්තර මූල්‍යය අරමුදල සමග අලුත් එකඟතාවයක් ඇතිකර ගන්නවා කිවූ ප්‍රකාශය අද මහ පොළොවටම සමතලා කර තිබෙනවා. ජනතාව ලබා දුන් ජනවාරම පයට පෑගෙන දූවිලි තරම්වත් ගණන් ගන්නේ නැතිතත්ත්වයක් අද තිබෙනවා. ජනතාවාදී ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වනවානම් වැඩිකළ පොහොරර සහනාධාරය තවමත් ගොවීන්ට ලැබිලා නැහැ. පහළොස් දාහේ සිට විසිපන්දහස දක්වා වැඩිකරන බව ප්‍රකාශ කළා. නමුත් දළ වශයෙන් අපේ රටේ තවමත් අඩකට වැඩි ප්‍රමාණයකට සහනාධාර වැඩි කිරීම ක්‍රියාත්මක වෙලා නැහැ. ගොවිතැන් කටයුතු බොහෝ දුරට අවසන් වෙමින් පවතිනවා. තවමත් ලබා දෙනවා කියූ සහනාධාර ලැබිලා නැහැ. ස්ථාවර රටක් තුළ ඔබ කතා කරන ආකාරයට කවදාද ආණ්ඩුව නම .දාහේ විදුලිබිල හයදහස දක්වා අඩු කරන්නේ. කවදාදා තුන් දහසේ විදුලි බිල දෙදහස දක්වාඅඩු කරන්නේ. කවදාද දේශීය ණය ප්රතිව්යුහගතකරණයකරණය තුළ අපේ රටේ වැඩ කරන ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල පික් පොකට් ගහපු ආර්ථික ප්‍රතිපත්තිය කකුලාගෙන ඔවුන්ට සහනයක් ලබා දෙන්නේ. ආණ්ඩුව එකඟ වී තිබෙන මැක්රෝ ලින්ක් බොන්ඩ් ක්‍රමවේදය තුළ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ට අපේ රටේ ආර්ථික වර්ධන වේගය වැඩි වන විට කප්පාදු කරන ණය ප්‍රමාණයේ අඩුවීමේ සහනය ඔවුන්ට ලැබෙනවා. ඒ සහනය රටේ වැඩ කළ ජනතාවට , මේ රටේ ආර්ථිකයේ කොදුනාරටියට ලැබෙන්නේ නැහැ. කවදාද ඒ නිවැරදි කිරීමට කටයුතු කරන්නේ. ආණ්ඩුව ලස්සන රටක් පොහොසත් රටක් පිළිබඳව කතාබහ කරනවා. නමුත් පාස්පෝට් හිගයට විසඳුමක් ලබා දීමට නොහැකි වෙලා තිබෙනවා. ක්ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත්ත කරුවන් සඳහා බලපාපු පරාටයේ නීතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව දීර්ඝ කරලා තිබෙනවා. එය හොඳ දෙයක්. හොඳ දේට අපි හොඳයි කියනවා. නමුත් ආණ්ඩුව ඉන් ඔබ්බට යා යුතුයි. කඩා වැටුණු ක්ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට නැවත නැගී සිටින්නට ශක්තිය ලබාදිය යුතුයි. දරාගත හැකි පිරිවැයකට ප්රාග්ධනය සඳහා ප්‍රවේශය ලබාදිය යුතුයි. ඒ සඳහා වැඩ පිළිවෙළක් තිබිය යුතුයි. පොලිය කප්පාදු කරන වැඩසටහනක් තිබිය යුතුයි. නමුත් ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ ඉල්ලීම්වලට පැහැදිලි ප්‍රතිචාරයක් මෙතෙක් ලැබිලා නැහැ. මේ රටේ ක්‍රියාත්මක වුන අතිශය සාර්ථක වැඩසටහනක් තමයි සුවසැරිය ව්‍යාපෘතිය. සුවසැරිය ව්‍යාපෘතිය ඉතාමත් අමාරු කාල වකවානුවලදී , කොවිඩ් සමයේ රට බංකොලොත් වුන සමයේ අඛණ්ඩ සේවාවක් ඉටුකළා. සුවසැරිය ව්‍යාපෘතිය නිදහස් සෞඛ්‍ය ශක්තිමත් කරන්න විශාල දායකත්වයක් ලබා දුන්නා. නමුත් අද වන විට ආණ්ඩුව එහි අධ්යක්ෂ මණ්ඩලය විසුරුවා හැර තිබෙනවා. දුමින්ද රත්නායක , අසිත ද සිල්වා , ඉන්දික හපුගොඩ , සුනිල් ද අල්විස් , සොහාන් ද සිල්වා , මේ කණ්ඩායම විසුරුවා හැර තිබෙනවා. හර්ෂද සිල්වා මැතිතුමාගේ මූලිකත්වයෙන් තමයි සුවසැරී ව්‍යාපෘතිය ආරම්භ වුණේ. එම ව්‍යාපෘතියට ශක්තිය ලබා දුන් පිරිස අද ඉවත් කර තිබෙනවා. කම්කරුවා ප්‍රකාශ කරන දේ , ස්වයං රැකියා ලාභීන් ප්‍රකාශ කරනදේ ,පුංචි මනුෂ්‍යයා ප්‍රකාශ කරන දේ , ත්‍රී රෝද රථ රියදුරා කියන දේ , ගොවීන් ධීවරයින් ප්‍රකාශ කරන දේ හොඳින් සවන් දෙන්න කියලා මම ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලාා සිටිනවා. ඔවුන් සියලුම දෙනා අසීමිත පීඩනයකින් සිටින්නේ. මේ සියලුම දෙනා ඉන්ධන සහනාධාරයක් බලාපොරොත්තු වෙනවා. ඔවුන් බලා සිටින්නේ ඉන්ධන මිල අඩු වෙනතුරුයි. අපි මේ කතා කරන ස්ථාවරත්වය. කාගේ ස්ථාවරත්වයද. ස්ථාවරත්වය ලබාගෙන තිබෙන්නේ කොපමණ මානුශීය පිරිවැයක් දරලද. රටේ දරිද්‍රතාවය වැඩි වෙලා , මන්දපෝෂණය වැඩිවෙලා , විරැකියාව වැඩිවෙලා , කර්මාන්ත කඩාගෙන වැටිලා , එහෙම ස්ථාවරයකින් ඇත්තටම රටට පලක් තිබෙනවාද. දුප්පත්කම වැඩිවෙලා රටේ ජනතාවගේ ජන ජීවිත විනාශවන ස්ථාවරත්වයකින් රටට සිදුවෙන්නේ වාසියක් නොව හානියක්. පසුගිය කාලයේ මියන්මාරයේ සිට රෝහින්යා සරණාගතයින් ප්‍රමාණයක් මුලතිව්වලට පැමිණ තිබෙනවා. ඔවුන්ව වහාම පිටමන් කරන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න රජයේ උත්සාහ දරන බව වාර්තා වෙනවා. එවැනි අමානුෂීය ක්‍රියාවලියකට යොමු නොවන ලෙස රජයෙන් මම ඉල්ලා සිටිනවා. ඔවුන්ව ආපසු හරවා යැවීම මානව නීති උල්ලංඝනය කිරීමක්. ජාත්‍යන්තර මානව නීතිය කඩ කිරීමක්. ඒ ප්‍රජාව වෙනස් සැලකිල්ලකට , පීඩනයකට භාජනය වුණ ජන කොට්ඨාසයක්. ඔවුන්ව බලහත්කාරයෙන් අපිට පිටමන් කිරීමට නොහැකියි. ජාත්‍යන්තර මානව හිමිකම් නීති රාමුව තුළ කටයුතු කරන්න අපි සැදී පැහැදී සිටිනවා. මේ පිරිස එකවරම පිටමන් කිරීමට දරණ උත්සාහය වහාම නතර කොට අදාල ආයතන සමඟ සාකච්ඡා කොට මේ හිංසනයට පීඩනයට පත්වුණ රෝහිනියා ප්‍රජාවට ලබාදිය යුතු මානුෂීය සැලකිල්ල ලබාදීමට අපි කටයුතු කළ යුතුයි. ඒ වගේම රටේ තිබෙන ප්‍රශ්න විසඳන්න රාජ්‍ය ආදායමට සහ රාජ්‍ය සම්පත්වලට නොහැකියි. ඒවගේම ආණ්ඩු පාර්ශ්වයට පමණක් සිදු කිරීමටත් නොහැකියි. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව , සියලු දෙනාම එකතු කරගෙන , සියලු සිවිල් සමාජ එකතු කරගෙන , ධානපති ප්‍රජාව එකතු කරගෙන , ජාත්‍යන්තර ආධාරක ආයතන එකතු කරගෙන සියලු දෙනාගේම උදව් ලබාගෙන රටේ තිබෙන ප්‍රශ්න විසඳීමට අපි කටයුතු කළ යුතුයි. රටේ පැවැත්ම ආරක්ෂා කරගෙන තමයි මේ සියලු ගනුදෙනුවලට අපි යා යුත්තේ. නමුත් උදව් කරන පාර්ශ්ව එලවා දමන්නට එපා. ඔවුන්ව බැහැර කරන්නට එපා. රටට උදව් කරන්න ඉදිරිපත් වන ඕනෑම කෙනෙකුට රතු පලසක් එලලා රටට ලබාගන්න තිබෙන උපරිම ප්‍රමාණය ලබාගෙන රට සෞභාග්‍ය කරා ගෙනයා යුතුයි. ඒ ගමන යාමට සමගි ජන බලවේගයත් සමගී ජන සන්ධානයත් විපක්ෂය නියෝජනය කරන අපි සියලුම දෙනාත් රජයේ ක්‍රියාත්මක කරන ප්රගතිශීලී හොඳ යෝජනාවලට සහාය දෙන්න අපි සූදානම්. මේ ඉදිරිපත් කළ කරුණු කාරණා පිළිබඳ අවධානය යොමු කොට මහ පාරේ සිටින ත්‍රී රෝද රථ රියදුරාගේ සිට , කම්කරු ජනතාවගේ සිට , ස්වයං රැකියා ලාභියාගේ සිට සියලු තල නියෝජනය කරන සෑම දෙනාගේම බලාපොරොත්තුව ගැටලුවලට විසඳුම්. අපි සියලු දෙනා අත්වැල් බැඳගෙන රටේ තිබෙන ප්‍රශ්න විසඳීමට අපි කටයුතු කරමු. ඒ වගේම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වැඩ බලන උප කුලපති නියෝගයක් නිකුත් කරල තිබෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා වලට විරුද්ධ යම්කිසි සාකච්ඡාවක් රැස්වීමක් පැවැත්වීම රජයේ ස්ථාවරයට අභියෝග කොට කටයුතු කිරීම නතර කරන්න කියලා. රජය එතනට නොයා යුතුයි. රජය භාෂණයේ නිදහස ආරක්ෂා කළ යුතුයි. විශ්ව විද්‍යාල තුල ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක වන ක්‍රියාවලීන් මොට කිරීමට කටයුතු නොකළ යුතුයි. එයින් සිදුවන්නේ ප්රජාතන්ත්රවාදය විනාශ වීමයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වැඩ බලන උප කුලපති යොමු කළැයි කියන නියෝගය පිළිබඳව වහාම සලකා බලා රටට හානියක් නොවන සාකච්ඡා පවත්වන්න ඉඩ සලසා දෙන මම ඉල්ලා සිටිනවා.‘‘






















