Friday, November 6, 2026
HomeNEWSප්‍රමුඛතාවයන් අනුව රට සංවර්ධනය කරන බව ඇමැති බිමල් කියයි.

ප්‍රමුඛතාවයන් අනුව රට සංවර්ධනය කරන බව ඇමැති බිමල් කියයි.

සියළු සංවර්ධන ව්‍යාපෘති ප්‍රමුඛතා අනුව රටේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ක්‍රියාත්මක කරන්න.- ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා රට තුළ ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර, එම ව්‍යාපෘති ජනතාවට රටට කෙසේ ප්‍රතිලාභ අත්වන්නේ දැයි සොයා බලා සැලසුම් සකස් කර, ගුණාත්මක ව්‍යාපෘතියක් නිම කිරීමෙන්, අපේක්‍ෂිත ප්‍රතිඵල ලබා ගත හැකි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ගරු බිමල් රත්නායක මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ අදහස් පලකර සිටියේ, 2025 නව වසර රාජකාරී නිල වශයෙන් ඇරඹුමට සමගාමීව අමාත්‍යාංශයේ, ප්‍රවාහන මහාමාර්ග විෂය පථයට සම්බන්ධ, අංශ භාර නිලධාරීන් හා සේවක මණ්ඩල නියෝජනය කරන නිලධාරීන් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විෂය භාර අමාත්‍යවරයා මෙරට ජනතාව විසින් පත් කර ඇති නව රජය කෙරෙහි විශ්වාසය ඇති කරගනිමින්, ජනතා අනුමැතිය ලබා දී ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට කැපවී කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බව පැවසී ය. තමන් සිදු කරන රාජකාරී හෘදසාක්ක්‍ෂියට එකලාම සිදු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරයා, අපේ ජනාධිපතිතුමාට හෝ ඇමතිවරයාට වෙනම සංකල්පයක්, අමුතු වැඩසටහනක් නොමැති බව ද පෙන්වා දුන්නේ ය. සැවොම එක් වී ක්‍රියාවට නැංවිය යුත්තේ, අප රටට ඉදිරිපත් කළ ජනතාව ජයග්‍රහණය කරවූ ප්‍රතිපත්ති ප්‍රකාශය බව ද පැවසී ය. ප්‍රමුඛතා අනුව, රටේ අවශ්‍යතාවයන්ට අනුව සියළු සංවර්ධන ව්‍යාපෘති, පෙල ගැස්වීම නිලධාරීන් ලෙස වගකීමෙන් සිදු කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කළ අමාත්‍යවරයා, එම කර්තව්‍ය සාර්ථකව ඉදිරියට ගෙන යාමට සියලු දෙනාගේ සහාය අපේක්‍ෂා කර සිටියේ ය. එහි දී අවංකව සේවය කිරීමට අමතරව සාර්ථක අන්තර් සම්බන්ධිකරණයත්, පසුවිපරම් සොයා බැලිමක අවශ්‍යතාවය ද අවධාරණය කර සිටියේ ය. රටක සංවර්ධන ඉලක්ක ජය ගැනීමට නම් දූෂනයෙන් තොර, කාර්යක්‍ෂමතාවයෙන් ඉහල මනා සම්බන්ධීකරණ ක්‍රියාවලියක් සහිත සේවාවක් ලබා දීම අත්‍යාවශ්‍ය බවත් රටේ වැඩිම මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අමාත්‍යාංශය ලෙස, ව්‍යාපෘති සිදු කිරීමේ දී සෑම අංශයකම සම්බන්ධකරණය ඉතා වැදගත් සාධකයක් බව ද අවධාරණය කළේ ය. එමෙන්ම, පසුගිය වකවානුවේ නිසි සම්බන්ධිකරණයක් නැති ව්‍යාපෘති පිළිබඳ, විශාල උදාහරණ පවතින බවත් පෞද්ගලික හා දේශපාලන න්‍යායපත්‍රය පසෙකලා තනතුරු, වැටුප් තල, ජ්‍යෙෂ්ඨත්වය නොසලකා, රට දිනවීමට පොදු අරමුණක් වෙනුවෙන්, කණ්ඩායම් හැගීමෙන් කටයුතු කළ යුතු බව ද පැවසීය. හැකි තරම් වැඩ පිළිබඳ නිරන්තර සොයා බැලීම්, නිරික්‍ෂණ සිදු කර තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට කැපවෙන ලෙස ද සියලු දෙනාගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය. ඒ සඳහා කැපවෙන නිලධාරින් ආරක්ෂා කරමින් ඔවුන්ට ගෞරව කිරීමට පසුබට නොවන බව ද පැවැසී ය. මාර්ග හා පාලම් ඉදිකිරීම්, නඩත්තු කටයුතු, රිය අනතුරු ආදි සියලු අංශ පිළිබඳ විශේෂ අවධානයෙන් ක්‍රියා කිරිමේ අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා මුදලේ වටිනාකම ලැබෙන ලෙස සැලසුම් ක්‍රියාත්මක කර, නියමිත කාලරාමු තුළ අවසන් කර ජනතා අයිතියට පැවරීම සිදු කල යුතු බ ද පැවසීය. පසුගිය රජයන් යටතේ, විශාල වශයෙන් වංචා දූෂණ, අයතා ක්‍රියාවන් රැසක් සිදුව ඇති බව අනාවරණය කළ අමාත්‍යවරයා, වර්තමාන රජය යටතේ එවැනි කිසිඳු වංචා, දූෂණ හොරකම්, ටෙන්ඩර් මගඩි සිදු නොවිය යුතු බව ද තරයේ ප්‍රකාශ කර සිටියේ ය. එමෙන්ම, නිවැරදි දේ භය නැතිව සිදු කරන ලෙසත්, හරි දේ වෙනුවෙන්, පෙනි සිටින බවත් ප්‍රකාශ කල අමාත්‍යවරයා, අපේ පණිවිඩය ඉතා පැහැදිලි බව ද පැවසීය. රටට පොරොන්දු වූ ප්‍රතිපත්ති ප්‍රකාශය, ක්‍රියාත්මක කර සේවක අයිතීන්, සුභසාධනය, රැකියා සහ ආයතන සුරක්ක්‍ෂිතතාව ඇති කරමින් සමාජීය ඉලක්කයන් (ීදජස්ක ඕරටැඑ) වෙත ලබා වීම අදිටනයි. ඉදිරි අය වැය ප්‍රකාශය මගින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරමින්, සංවර්ධනයත් සමග රාජ්‍ය යන්ත්‍රය ද සුරක්‍ෂිත කිරීමේ වගකීම භාර ගන්නා බව ද පැවසී ය. රටේ ජනතාවගේ දිළිදු භාවය තුරන් කිරිමේ අවශ්‍යතාව රජයට ඇති බවත් සංවර්ධනයේ ප්‍රතිලාභ ගලා යාමට දියුණු, නවීන, මාර්ග පද්ධතියකින් ලැබෙන පිටුවහල ඉතා ඉහළ දායකත්වයක් බැවින් එම ක්‍ෂේත්‍රයේ වැඩි දියුණුවට කැපවිය යුතු බව ද පැවසීය. වර්ෂ ආරම්භක නිලධාරිමඩුළු සාකච්ඡාව, සෑම පැතිකඩක්ම ආවරණය වන පරිදි සාකච්ඡාවට බඳුන් වූ අතර, අවසානයේ, අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද නිල වශයෙන් ආරම්භ කළ ‘ක්‍කැ්බ ීරස ඛ්බන්’ ජාතික වැඩසටහන පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කිරීම ද සිදු කෙරිණි. ඒ පිළිබඳ කරුණු පැහැදිලි කළ බිමල් රත්නායක අමාත්‍යවරයා, “මුළු රටම, සෑම අංශයක්ම, පිරිසිදු කරන ‘ක්‍කැ්බ ීරස ඛ්බබන්’ ජාතික වැඩසටහන කිසිම දේශපාලන පක්‍ෂයකට අයත් එකක් නොවන බවත්, පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් රජයේ ජනතාවාදි වැඩපිළිවෙල යටතේ මුළු රටම, පරිසරය පිරිසිදු කරනවාට අමතරව, ලොව දියුණු රටවල ජනතාව භුක්ති විඳින ආකාරයේ ඉහළ සමාජ, ආර්ථික තාවයන් සහ නිදහසක් උරුමකර දීම අරමුණ බව ද” පැවසී ය. මෙම සාකච්ඡාවට ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කපිල සී.කේ. පෙරේරා මහතා ඇතුළු, අතිරේක ලේකම්වරු, සහකාර ලේකම්වරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය ද, මාර්ග සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් එහි සභාපති ටී. පාස්කරන්, අධ්‍යක්‍ෂ ජනරාල් එම්.එම්.පී.සුරියබණ්ඩාර යන මහත්වරු ඇතුළු අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල්වරු, නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරු ඇතුළු උසස් නිලධාරි හූ රැසක් එක් වූ හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත්

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා...

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහි සක්‍රීය කොටස්කරුවන් වන්න-ජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහිසක්‍රීය කොටස්කරුවන් වන්නජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි අද රට හමුවේ පැහැදිලිව කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ මත්ද්‍රව්‍ය හා සන්නද්ධ අපරාධ...

අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට

ජෝදානයේ අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට. තානාපති කාර්යාලයේ සියලු කාර්ය...

බදු බර වැඩි කළ සංශෝධන 12ක් රජය ක්‍රියාත්මක කර තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (05) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වූ හිටපු ආණ්ඩුකාර රජිත කීර්තී තෙන්නකෝන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img