Friday, November 6, 2026
HomeNEWSසෘජු විදේශ ආයෝජන ගෙන ඒම තානාපතිවරුන්ට පැවරෙන ප්‍රධාන වගකීමක් බව ජනපති අවධාරණය...

සෘජු විදේශ ආයෝජන ගෙන ඒම තානාපතිවරුන්ට පැවරෙන ප්‍රධාන වගකීමක් බව ජනපති අවධාරණය කරයි.

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ 05 දෙනෙක් පත් කෙරෙතිජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරු සතු වගකීමක්ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ විදේශගත සේවක සුබසාධනය වෙත විශේෂ අවධානය යොමු කරන්න- නව රාජ්‍ය තාන්ත්‍රිකයින් පත් කරමින් ජනපති පවසයිජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.පසුගිය කාලයේ රාජතාන්ත්‍රික සේවාවන්හි නිරත නිලධාරීන් ශ්‍රී ලංකාවේ නාමය අපකීර්තියට පත් කළ අවස්ථා තිබූ බවත් නව පත්වීම් ලබා ගන්නා රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ විදෙස් තානාපති සේවය සඳහා නව රාජ්‍ය තාන්ත්‍රිකයින් පත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති සාකච්ඡාවේදීය.විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සපයනු ලබන සේවාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන ලෙසත් එම රටවල සිටින සියළු ශ්‍රී ලාංකිකයන්ට සේවා සැපයීමේදී ඒ සඳහා මූලිකත්වය දෙමින් කිසිදු භේදයකින් තොරව සාධාරණව කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා නව රාජ්‍ය තාන්ත්‍රිකයන්ට උපදෙස් ලබා දුන්නේය. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සිටින මැද පෙරදිග, දකුණු කොරියාව සහ ජපානය වැනි රටවල රාජ්‍යතාන්ත්‍රික සේවා සැපයීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතු බවද මෙහිදී සාකච්ඡා කෙරිණි.ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා තිබෙන අවස්ථා ප්‍රමාණය වැඩි කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින ආයෝජකයන්ට නව වෙළඳපොළ අවස්ථා සොයා ගැනීම රාජතාන්ත්‍රික සේවාව හරහා සිදු කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා සෘජු විදේශ ආයෝජන කැඳවා ගෙන ඒම තානාපතිවරයාට පැවරෙන ප්‍රධාන වගකීමක් බවත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විදේශ තානාපති සේවය සඳහා තානාපතිවරු 04 දෙනෙකු සහ මහ කොමසාරිස්වරයකු පත් කර ඇත.රාජ්‍ය තාන්ත්‍රික සේවයේ වසර විස්සකට වඩා පළපුරුද්ද හා අත්දැකීම් සහිත නිලධාරීන් පිරිසක් මෙලෙස නව රාජ්‍ය තාන්ත්‍රිකයින් ලෙස පත් කර තිබේ.ඒ අනුව,කටාර් රාජ්‍ය යේ තානාපති – ආර්.එස්.ඛාන් අසාඩ් මහත්මියරුසියානු තානාපති – එස්.කේ. ගුණසේකර මහත්මිය කුවේට් තානාපති – එල්.පී. රත්නායක මහතා ඊජිප්තු තානාපති – ඒ.එස්.කේ. සෙනෙවිරත්න මහතානවසීලන්ත මහ කොමසාරිස් – ඩබ්ලිව් .ජී.එස්. ප්‍රසන්න මහතා පත්කර තිබේ.ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක , ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත්

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා...

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහි සක්‍රීය කොටස්කරුවන් වන්න-ජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහිසක්‍රීය කොටස්කරුවන් වන්නජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි අද රට හමුවේ පැහැදිලිව කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ මත්ද්‍රව්‍ය හා සන්නද්ධ අපරාධ...

අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට

ජෝදානයේ අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට. තානාපති කාර්යාලයේ සියලු කාර්ය...

බදු බර වැඩි කළ සංශෝධන 12ක් රජය ක්‍රියාත්මක කර තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (05) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වූ හිටපු ආණ්ඩුකාර රජිත කීර්තී තෙන්නකෝන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img