අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ පස්වන දිනය අදයි.
අයවැය දෙවන වර කියවිමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා පස්වරු 05.00ට පැවැත්වීමට නියමිතයි.
ලබන 23 වනදා සිට කාරක සභා විවාදය ආරම්භ වන අතර එය ලබන දෙසැම්බර් 10 වනදා දක්වා දින 16ක් පැවැත්වනු ඇති.
දෙසැම්බර් 10 වන දින පස්වරු 05.00 අයවැය තෙවන වර කියවිමේ ඡන්ද විමසීම පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කරයි.






















