නොදැන ගියොත් අතරමග!15වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට වරින් වර අග්‍රාමාත්‍ය ධූරයේ සිටියදී සිදුකරන ලදැයි කියමින් නොමඟ යවන අසත්‍ය ප්‍රකාශ ජනමාධ්‍ය වල ප්‍රකාශ විය. පසුගිය 2024.12.17 දිනයෙත් පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කර නොමඟ යවන අසත්‍ය චෝදනාවක් සිදුකරා. මීට පෙර සමහර පුවත්පත හරහා බොරු මුට්ටිය දැමුවේ කව්ද කියන කාරණය දැන් බොහොම පැහැදිලියි.2022 ජුලි මාසයේ දී අග්‍රාමාත්‍ය ධූරය බාරගන්නා විට රටම තිබුණු තත්වය හැමෝටම තවමත් මතකයි. ඒ මතකය තුල අරලියගහ මන්දිරය හා අග්‍රාමාත්‍ය කාර්යාලය යන රාජ්‍ය දේපළ දෙක වෙත අරගලකරුවන් රටම අරාජික කරලීමට සිදුකල දැවැන්ත හානිය, විනාශය හා අපරාධයන් තවමත් රටේ ජනතාවට මතකයි.වසර 200කට වඩා ඉපැරණි අරලියගහ මන්දිරය මෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලය යන ජාතික වටිනාකමින් යුත් ගොඩනැගිලි හා එහි පැවැති ජාතික දේපල වෙත සිදුකරන ලද අසමසම හානිය, විනාශය හා අපරාධයන් හරහා නැවත මෙම පරිශ්‍රයන් ක්‍රියාකාරී තත්වයට ගෙන ඒමට 2022-2024 අතර අග්‍රාමාත්‍ය ලේකම් විසින් අදාළ රාජ්‍ය අංශ හරහා කටයුතු සිදුකර ඇත. මේ සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රධාන අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරක්ෂක අංශ, රාජ්‍ය පරිපාලන අංශ, විශ්ව විද්‍යාල, ඇතුළු රජයේ දෙපාර්තමේන්තු අංශ ඇතුළු කණ්ඩායම් රාශියක් මහත් වෙහෙසක් දරා උත්සාහ වන්තව කටයුතු සිදුකර ඇත. ඒවා සියල්ලක්ම නියමිත ක්‍රියාපටිපාටීන් හරහා ඉටුකරලීමට රාජ්‍ය නිලධාරීන් ගත් වෙහෙස අගය කළ යතූය.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා තම ධූර කාලය තුළ අරලියගහ මන්දිරයේ පදිංචියට ගියේම නැත. එහි එකදු රැයක් වත් පහන් කර නැත. රාජකාරි සාකච්ඡා, හමුවීම්, වගකීම් සඳහා පමණක් අරලියගහ මන්දිරය වෙත ගමන් කර ඒවා සම්පූර්ණ වූ විගස ඉන් ඉවත්ව ගමන් කරන ලද බව සියදහස් ගණනක් දිනපතා දැක්ක දන්න සත්‍ය කාරණයක්.අරලියගහ මන්දිරයේ හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෛද්‍ය ඒකක හා පහසුකම් පිහිටුවාලීම ජාත්‍යන්තරව රාජ්‍යතාන්ත්‍රිකව අත්‍යවශ්‍ය කාරණයක්. එය වෛද්‍ය්‍ය මෙන්ම ආරක්ෂාව පිළිබද කාරණයක්.ඊට මූලික හේතුව විදෙස් රාජ්‍ය නායකයකු හෝ විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයකු එම පරිශ්‍රයක් වෙත ඇතුලූ වූ මොහොතේ සිට පිටව යන තෙක් අවශ්‍යතා මතු වූ මොහොතක දී වෛද්‍ය මැදිහත් වීමක් උදෙසා මෙම පහසුකම් ලබා දීමට සූදානමින් තැබිය යුතුමය. එම පහසුකම් සැපයීම ශ්‍රී ලංකා රජයේ වගකීමක් ලෙස බැඳී සිටිනවා. මෙම කාලය තුළ මෙරට පැමිණි විදේශ නායකයින් රාජ්‍යතාන්ත්‍රික පිරිස් පිළිබඳව විස්තර තොරතුරු අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ජනතාව දැනූවත් බව පැහැදිලිය.ඊයේ පාර්ලිමේන්තුවේ කරන ලද මේ නොමඟ යවන සුලු අසත්‍ය චෝදනා ඉතාමත් පහත් නින්දිත ක්‍රියාවක් ලෙසත් කිසිලෙසකින්වත් පාර්ලිමේන්තු උත්තරීතර බවට නොගැලපෙන උපාසක චණ්ඩාල ක්‍රියාවක් බව තරයේම ප්‍රකාශ කරමු.මේ පිළිබඳව සියලු දෙනා දැනුවත් කරන ලෙසත්, මේ කර ඇති අසත්‍ය නොමඟ යවන චෝදනාවන් පිළිබඳව ගත හැකි සෑම පියවරක් කරාම සියලු දෙනා ගමන් කරන ලෙසත් ඉල්ලා සිටිමු.මීට පෙර අවස්ථාවලදී මෙන්ම මෙවරත් කිසිත් සත්‍යයක් නැති අභූත අසත්‍ය චෝදනා රාශියක් හරහා 15වැනි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ අසමසම කීර්තිමත් දේශපාලන භාවිතය අපකීර්තියට ලක් කරන්න දරණ උත්සාහය මෙවරත් අසාර්ථක අසත්‍යයක් බවට පත්වී ඇත.පාර්ලිමේන්තු වරප්‍රසාද හා පාර්ලිමේන්තු සැසිවාර ප්‍රයෝජනයට ගෙන ජනමාධ්‍ය වල රේටිං වැඩිකරන්න ඉන් ප්‍රසිද්ධියක් ලබාගන්න දරණ ලාමක බොළඳ ප්‍රයත්නයක් හා අසාර්ථක උත්සාහයක් පමණයි.මේ කිසිවකුට වත් දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ අසමසම කීර්තිමත් දේශපාලන භාවිතයට මයිල් ගසකින්වත් ළංවීමට නොහැකිය. 15වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අගමැතිවරයා ලෙස පමණක් නොව මුළුමහත් දේශපාලන දිවිය පුරාම මෙම ආදර්ශය ලොවට ප්‍රකාශ කර ඇත.උපතින් පරම්පරාවෙන් තමන් සතු ඉඩකඩම් දේපළ ජාතික නිදහස උදෙසා, ජනතාවගේ අයිතිය දිනවීමට, වාමාංශික ව්‍යාපාරය ගොඩනැගීමට, මෙරටේ පීඩිත ජනතාව නගා සිටුවීමට, දීර්ඝතම කාලයක් පුරාවට සිදුකරන මහා කැප කිරීම් හොඳින් දන්නා කෘතවේදී ලාංකික ජනතාවක් සේම ලෝවාටාද දැනුවත් ජනතාවක් හොඳින් මේ පිළිබඳව දන්නවා.මෙයට විශ්වාසී,සමස්ථ ලංකා තරුණ සමිති සම්මේලනයේශිෂ්‍ය හා පර්යේෂණ අංශය






















