Monday, November 9, 2026
HomeNEWSඅර්ථ සාධක අරමුදලට අත තිබ්බොත් සමගි ජන බලවේගයේ අපි නිකන් ඉන්නේ නැහැ...

අර්ථ සාධක අරමුදලට අත තිබ්බොත් සමගි ජන බලවේගයේ අපි නිකන් ඉන්නේ නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

ආණ්ඩුව ජනතාව මංමුලා කරලා. සේවක අර්ථ සාධක අරමුදලට අත තිබ්බොත් සමගි ජන බලවේගයේ අපි නිකන් ඉන්නේ නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ආණ්ඩුවට අනතුරු ඇගවීමක්.

පක්ෂයක් ලෙස අයි. එම්. එෆ්. එකට මුලින්ම යා යුතු බවට පැවසුවේ සමගි ජන බලවේගය බවත් එසේ යැම නිවැරදි වුවත් ඔවුන් සමග ඇති කර ගත් ගිවිසුම වැරදි බවත් මේ දුර්වල පන නැති හරයක් නැති ගිවිසුමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජාත්‍යන්තර වශයෙන් කප් ගහපු පුද්ගලයෙක් රටේ ජනාධිපති වුනත් ඔහුට අයි. එම්. එෆ් එකත් එක්ක කප් එකක් ගහන්න බැරි වූ බවත් ඔහු කප් ගැසුවේ කතාවෙන් සහ කයිවාරුවෙන් බවත් ක්‍රියාව තුළ කප් ගැසීමට නොහැකි වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (29) පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩ සටහනේ තිස් තුන්වැනි අදියර ලෙස ඇඹිලිපිටිය උඩවලව මහා විද්‍යාලයට සුහුරු පන්තිකාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

සක්වල හරහා මීට පෙර පාසල් 32ක රු 27,986,150 ක් වටිනා සුහුරු පන්ති කාමර ඉදිකොට තිබේ.

සක්වල හරහා පාසල් සඳහා රුපියල් 354,200,000 වටිනා බස්රථ 73ක් පරිත්‍යාග කොට තිබේ. මීට අමතරව හුස්ම වැඩසටහන යටතේ රෝහල් 56ට රුපියල්  171,966,900ක අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ පරිත්‍යාග කොට තිබේ. 

රටට වාසිදායක ආකාරයට ගිවිසුම ගැසිය යුතු වුවත් රටට අවාසිදායක ලෙස මෙම ගිවිසුම ගසා ඇති බවත් යුක්‍රේනයට අයි. එම්. එෆ් එකෙන් ඩොලර් බිලියන ගණනක් ගන්න පුලුවන් වුවද වැදගත් භූගෝලීය පිහිටීමක් ඇති අප රටට එවැනි දෙයක් බැරි වුයේ ඇයිද කියා ගැටලු සහගත බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළ වත්මන් රජය දෙවැනි වතාවටත් රටේ ජනතාව මංමුලා කර ඇති බව යි.

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කරන්නැ කියා මුලින් කිව්වත් දැන් එය සිදු කරන බවත් ඔවුන් අර්ථසාධකයට අත තියන්නැ කිව්වත් වැඩ කරන ජනතාවගේ තැන්පතු ඉතිරිකිරීම් ඊපීඑෆ් ඊටීඑෆ් එක පවා ප්‍රතිව්‍යූහගත කිරීමට සුදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රටේ වැඩ කරන ජනතාව වැඩ කරන කාලය තුළ සේවක අර්ථ සාධක අරමුදලේ ඉතිරි කල යුතු බවට අනිවාර්ය බලකිරීමක් සිදු කරන බවත් එසේ සිදු කර රට බංකොලොත් වූ පසු අයි.එම්.එෆ් එකත් එක්ක සාරවත් ගිවිසුමකට එලබෙන්නේ නැතිව අර්ථ සාධකේ ඇති මුදල් පවා ලබා ගන්නා තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි බොරු කියමින් ජනතාව රවටන්නේ ඇයි ද කියා අසන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රටේ සිටින ලක්ෂ 20කට වැඩි වැඩ කරන ජනතාවගේ අර්ථ සාධකය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බව ද සදහන් කර සිටියේය.

NEWS CLIP ♦️ https://youtu.be/mHKNCuIxELo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img