Sunday, May 3, 2026
HomeNEWSLatest Newsඅල්ටයර් නේවාසික සහ වාණිජ ගොඩනැගිල්ල ජනපති නිරීක්ෂණයට ...

අල්ටයර් නේවාසික සහ වාණිජ ගොඩනැගිල්ල ජනපති නිරීක්ෂණයට …

අල්ටයර් නේවාසික සහ වාණිජ ගොඩනැගිල්ල ජනපති නිරීක්ෂණයට …

බේරේ වැව ඉදිරිපිට ඉදිකෙරමින් පවතින අල්ටයර් (Altairනේවාසික සහ වාණිජ ගොඩනැගිල්ල අද (31) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

වැඩ අවසන්වු විට කොළඹ පිහිටි උසම ගොඩනැගිලි අතරට අල්ටයර් ගොඩනැගිල්ලත් එක් වෙයි. බේරේ වැවට යාබද අක්කර දෙක හමාරක භූමි ප්‍රදේශයක ඉදි කෙරෙන  ගොඩනැගිල්ලේ වැඩ 2012 වසරේ දී ඇරඹිණ.

එහි බිම් මහල වර්ග අඩි 40,000කි. අධි සුඛෝපබෝගී නිවාස 404කින් සහ ඉහළ ප්‍රමිතියේ සාප්පු සංකීර්ණයක් ඊට අයත්ය. කුළුණු දෙකකින් යුත් අල්ටයර් සංකීර්ණයෙහි එකක් මහල් 68 කින් සහ අනෙක මහල් 63කින් සමන්විත වේ.

ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි  ව්‍යාපෘතියට කර ඇති ආයෝජනය අමරිකානු අඩොලර් මිලියන 250කි. නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකිරීම් අධීක්ෂණය කරයි.

ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් 70%ක් පමණ දැනට අවසන්ව තිබේ. ඉතිරි වැඩ ලබන ජනවාරී වන විට නිමවනු ඇතැයි ජනාධිපතිතුමා අපේක්ෂා කරයි.

මෙවැනි ඉදිකිරීම් සංචාරක ආකර්ශණයට හේතු වන බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා, ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ ප්‍රදීප් මොරායස් යන මහත්වරු නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img