මේ වසරේ ගත වූ කාලය තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දිවයින පුරා වැටලීම් 61ක් සිදුකර තිබේ.
ඉන් වැටලීම් 27ක් සාර්ථක කරගැනීමට හැකි වූ බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.
ප්‍රතිඵලදායක නොවූ වැටලීම් 26ක් සිදුකර ඇති අතර වැටලීම් 08ක් කල්දැමීමට ද සිදුව ඇත.
සිදුකළ සාර්ථක වැටලීම් වලින් වැටලීම් 09ක විමර්ශන අවසන් කර ඇති අතර වැටලීම් 18ක විමර්ශන තවදුරටත් සිදුකරමින් පවතින බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.






















