ප්‍රංශයේ පැරිස් නුවර සිදු වූ වෙඩි තැබීමෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
එහිදී තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
කුර්දි සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉලක්ක කර 69 හැවිරිදි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබිම සිදු කර ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු මීට පෙර බන්ධනාගාර ගතව සිට නිදහස ලැබූ පුද්ගලයෙකු බව වාර්තා වේ.
ප්‍රහාරයෙන් අනතුරුව එම ස්ථානයට රැස්ව සිටි පිරිසක් සහ පොලීසිය අතර ගැටුමක් ද හටගෙන ඇති බව වාර්තා විය.






















