Monday, November 9, 2026
HomeNEWSඅලුත් අවුරුද්දේ සැබෑ අයිතිය දූ දරුවන් සතුයි -ජනපති 

අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය දූ දරුවන් සතුයි -ජනපති 

ලබන්නා වු සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පවතින අභියෝග ජයගන්නා සෞභාග්‍යමත් වසරක් වේවායැයි ප්‍රාර්ථනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ, වර්තමානයේ පවතින ආර්ථික හා ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලාංකේය අපට ඉතිහාසයේ ලොව විශාලතම අභියෝගයට මුහුණදීමට සිදුව ඇති බවය.

එම අභියෝගය එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුව ජයගත යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

පවතින ව්‍යාකූල තත්ත්වයෙන් ජනජීවිතය සුරක්ෂිත කිරීමට සිය රජය පියවර ගනිමින් සිටින බව පෙන්වාදෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ අලුත් අවුරුදු සැබෑ අයිතිය අපගේ දූදරුවන් සතු බවය.

මේ අතර දුක්ඛ දෝමනස්සයන් පහකොට සතුට ළඟාවීමේ අපේක්ෂාව සංඛේතවත් වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප සියලුදෙනාගේ මහා සංස්කෘතික මංගල්‍යයක් බව අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුභාසිංශන පළ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නැකැත් චාරිත්‍රයන්ට මුල්තැන දෙමින් අප සියලුදෙනාගේ අපේක්ෂාව අලුත් අවුරුද්දේ යහපත් බලාපොරොත්තු ඉටුකරගැනීම වන අතර පවතින දුෂ්කර කාලය පසුකර යාමට වුව ද අප සියලුදෙනා එක්ව එක් ජාතියක් ලෙස සමගි සම්පන්නව ක්‍රියා කළ යුතු බව අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ අතර අලුත් අවුරුද්ද වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සුභාසිංශන පණිවිඩයක් නිකුත් කර තිබේ.

පවතින දුෂ්කර සමය නිමා වී සශ්‍රීකත්වය සාමය, සංහිඳියාව සහ සැබෑ සෞභාග්‍ය පිරි හෙට දවසක් උදාවනු දැකීමේ සිහිනය යථාර්ථයක් වේවායි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායකවරයා සිය අලුත් අවුරුදු පණිවිඩයෙන් ප්‍රකාශ කර ඇත.

මහත්සේ කැපකිරීම් කළ ජනතාවට යළි යළිත් කැපකිරීම් කරන්නට කියනවා වෙනුවට, ප්‍රායෝගිකව පාලකයින් එම කටයුත්ත ට එළඹීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

මේ අතර මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අභියෝගාත්මක අලුත් අවුරුද්දක් වී ඇති බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රි ධම්මදස්සි හිමි පවසයි.

අලුත් අවුරුද්ද වෙනුවෙන් අනුශසානාවක් සිදුකරමින් පුජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමි මේ බව සඳහන් කළේය.

රටේ පවතින සියලු කරදර දුරුවනු දැකීම මෙවර අලුත් අවුරුද්දේ සියලු දෙනාගේ ප්‍රාර්ථනය විය යුතු බව මල්වතු අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img