Sunday, November 15, 2026
HomeNEWSLatest Newsඅලුත් සහල් මංගල්‍ය - 2020 වැඩසටහන

අලුත් සහල් මංගල්‍ය – 2020 වැඩසටහන

අලුත් සහල් මංගල්‍ය – 2020 වැඩසටහන

නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ මුලිකත්වයෙන් නැගෙනහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ආණ්ඩුකාර කාර්යාලයත් ඒකාබද්ධව කිඩෑ උවදුර මර්දනය කිරීමට හා කාබනික ගොවිතැන ව්‍යාප්ත කිරීමේ අරමුණින් 2020 යල කන්නයේදි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ “දැයට හිතැති ගොවිතැන” නමින් අක්කර 100ක කාබනික වී වගාකිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළේය.

ඉහත ව්‍යාපෘතියේ අස්වනු නෙලිමත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ තවදුරටත් වසවිසෙන් තොර පරිසර හිතකාමි ගොවිතැන ව්‍යාප්ත කිරීමේ අරමුණින් පවත්වන අලුත් සහල් මංගල්‍ය 2020 සැප්තැම්බර් මස 08 සහ 09 දෙදින කන්තලේ වැව් බැම්ම මතදි පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

08 වැනි අගහරුවාදා පස්වරු 4.30ට මෙම උත්සවයේ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතය.

ඉහත ප්‍රවෘත්තිය සදහා ඔබ මාධ්‍ය ආයතනය මගින් ප්‍රචාරයක් ලබදීමට අවශ්‍ය කටයුතු සිදු කරන මෙන් ඉල්ලමි.

මේ කෙරෙහි ඔබ දක්වන සහයෝගය ඉතා අගය කොට සලකමි.

ස්තූතියි.           

මෙයට,

විශ්වාසී,

රුචිර දිලාන් මධුසංඛ  

ගරු ආණ්ඩුකාරතුමියගේ මාධ්‍ය ලේකම්,

නැගෙනහිර පළාත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img