Sunday, November 15, 2026
HomeNEWSLatest Newsඅවම ශ්‍රමික වයස වෙනස් කිරීම ගැන යුනිසෙෆ් ආයතනයෙන් නිවේදනයක්

අවම ශ්‍රමික වයස වෙනස් කිරීම ගැන යුනිසෙෆ් ආයතනයෙන් නිවේදනයක්

අවම ශ්‍රමික වයස වෙනස් කිරීම ගැන යුනිසෙෆ් ආයතනයෙන් නිවේදනයක්

ළමයින් උදෙසා සාධාරණත්වය හා යුක්තිය සහතික කිරීම සඳහා නීති ප්‍රතිසංස්කරණවලට මුල පිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ශ්‍රී ලංකා රජයට ප්‍රසාදය පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අරමුදල මේ බව සඳහන් කර ඇත.

අවම ශ්‍රමික වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දැමීමට ගත් තීරණය අවුරුදු 16ක් වන අනිවාර්ය අධ්‍යාපන වයසට කම්කරු නීති අනුරූප කිරීමක් වනු ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

කම්කරු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සිදුකරන ලද මෙම මුල පිරීම අනිවාර්ය අධ්‍යාපනය සඳහා ළමයින්ට ඇති අයිතිය අර්ථාන්විතව මුදුන් පමුණුවා ගැනීම සඳහා හැකියාව ලබා දෙනු ඇතැයි ද යුනිසෙෆ් ආයතනය සඳහන් කර ඇත. 

“රජය විසින් ගන්නා ලද මෙම ඓතිහාසික තීරණය ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ළමයින් උදෙසා සාධාරණත්වය හා යුක්තිය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම ප්‍රබල ලෙස පෙන්නුම් කරන්නක්“ බව යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත ටිම් සටන් පවසා ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

“ළමයින් නීතිය හමුවට පැමිණවීමේ දී අන් සියල්ලට මත් වඩා වැදගත් වන්නේ ඔවුන් ළමයින් බව සිත තබා ගැනීම යි. සිරගත කර ඔවුන්ගේ නිදහස අහිමි කිරීමෙන් ඔවුන්ගේ සමස්ථ සංවර්ධනයට හා අනාගත යහපැවැත්මට අතිශය ඍණාත්මක හා බෙහෙවින් අහිතකර බලපෑම් ඇති වෙනවා.“ යනුවෙන් ද ඔහු සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img