අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අවලංගුකර තිබු දුම්රිය ගමන්වාර කිහිපයක් අද (29) දිනයේ සිට ක්රියාත්මක කෙරෙන බව දුම්රිය ප්රධාන පාලක මැදිරිය පවසයි.
ඒ අනුව, උඩරට දුම්රිය මාර්ගයේ පොඩි මැණිකේ දුම්රිය පමණක් අද දිනයේ සිට බදුල්ල – කොළඹ අතර ධාවනය කෙරෙන බව වාර්තා වෙයි.
ඒ අනුව අද උදෑසන 5.55ට කොළඹ කොටුව සිට පොඩි මැණිකේ දුම්රිය බදුල්ල දක්වා ගමන් ආරම්භ කළ අතර උදෑසන 8.30ට බදුල්ල සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ගමන් ආරම්භ කිරීමට නියමිතය.






















