Thursday, July 16, 2026
HomeNEWSඅවුරුදු සමය වෙනුවෙන් රුපියල් පන්දාහේ බඩු මල්ලක්, රුපියල් 2500 ට.

අවුරුදු සමය වෙනුවෙන් රුපියල් පන්දාහේ බඩු මල්ලක්, රුපියල් 2500 ට.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය තුළදී සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජයක් ලබා දීම සඳහා ජනාධිපතිතුමා විසින් 2025 අයවැය යටතේ ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව රුපියල් 5,000/- ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් ” කාලීන ආහාර පැකේජයක්” රුපියල් 2,500/- ක සහන මිලකට ලබා දීමට සැලසුම් කර ඇත.ඒ සඳහා අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කරනු ලැබ ඇති 812,753 ක් වන අයදුම්කරුවන් අතුරින් යෝග්‍ය ප්‍රතිලාභීන් තෝරා ගැනීමට අපේක්ෂා කරනු ලබයි.ඒ අනුව, 2025-04-01 දින සිට 2025-04-13 දින දක්වා කාලය තුළ රටපුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලය සහ COOPFED අලෙවිසැල් මඟින් ආහාර පැකේජය ප්‍රතිලාභීන් වෙත ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතත්තා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img