Thursday, July 16, 2026
HomeNEWSහිටපු ජනපති රනිල්ගේ නිවසට ගිනි තැබූ හතර දෙනකුට වරෙන්තු.

හිටපු ජනපති රනිල්ගේ නිවසට ගිනි තැබූ හතර දෙනකුට වරෙන්තු.

රනිල්ගේ ගෙට ගිනි තියපු 4කට වරෙන්තුරනිල්ගේ ගෙට ගිනි තියපු 4කට වරෙන්තු! හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවන අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටි සැකකරුවන් සිව්දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය වරෙන්තු නිකුත් කරමින් ඇපකරුවන්ට නොතීසි නිකුත් කළා. නඩුව කැඳවූ අවස්ථාවේ දී පෙනි නොසිටි සැකකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් නීතිඥවරුන් අධිකරණයට කරුණු දැක්වූ බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් මුදා හැර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.මෙම නඩුවේ සැකකරුවෙක් වන ජේ. ශ්‍රී රංගා, ඇන්ඩෘ ඉවෝන් පෙරේරා, කළුතර පදිංචි රයිගම් බණ්ඩාරගේ මංජු වෙත්තමුණි, ෂෙරින් වික්‍රමසිංහ, දිල්රුක් මධුශංක, අශාන් සංදීප, අන්වර් අලි, කෝරළගේ ඉන්දික ප්‍රසාද් ඇතුළු සැකකරුවන් පිරිසක් විවෘත අධිකරණයේ පෙනී සිටියා.පසුගිය 2022 වසරේ ජූලි මස 09 වැනිදා හිටපු ජනාධිපතිවරයාටගේ නිවසට ගිනි තැබූ අවස්ථාවේ දී ගිනි නිවීමට පැමිණි ගිනි නිවන හමුදාවේ වාහනයකට ඇතුළු වීමට ඉඩ නොදී රජයේ සේවකයින්ට අයුතු අවහිරයක් කළ බවට සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img