Monday, November 9, 2026
HomeNEWSඅවුරුදු 12ට අඩු ළමුන්ටත් ෆයිසර් ?

අවුරුදු 12ට අඩු ළමුන්ටත් ෆයිසර් ?

වයස අවුරුදු 12න් පහළ ළමුන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමට අදාළ නිර්දේශ ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇති බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් මේ වනවිටත් අදහස් විමසා ඇතිබව ඔහු පැවසුවේය.

කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

“අවුරුදු 12ට අඩු දරුවන්ට එන්නත ලබාදීම පිළිබඳව අපි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අදහස් විමසලා තියෙනවා. අපිට මේ සතිය ඇතුළත ඒ සඳහා නිර්දේශ ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. පසුගිය සතියක කාලය තුළ දිනකට ආසන්න වශයෙන් 50,000ක 60,000ක පමණ පිරිසක් බූස්ටර් එන්නත තුන්වන මාත්‍රාව ලබා ගෙන තිබෙනවා. නමුත් එය ප්‍රමාණවත් නෑ. අපි බලාපොරොත්තු වෙනවා ලක්ෂයේ මට්ටමටවත් මේක ගෙන එන්න ඕනේ කියලා. විශේෂයෙන් මේ ඔමික්‍රෝන් පැතිරෙන වේගයත් එක්ක බලනකොට ප්‍රමාණවත් නෑ මේ ගන්න විදිය.අපි කට කැඩෙනකං කියනවා මේ මිනිස්සු මේක ගණන් ගන්නේ නෑ. මට නං තෙරෙන්නේ නෑ ෆයිසර් ඕනේ කිව්වා ෆයිසර් ගෙනත් දුන්නා. මේක දවස් 7ම ගහනවා. හැම පහසුකමක්ම සපයලා තියෙනවා. මෙච්චර පිටිපස්සෙන් ගිහිල්ලා වඳීනවා මේක ගන්න කියලා. මෙච්චර කියද්දිත් මේක ගන්නේ නැත්තේ ඇයි කියලා මට තෙරෙන්නේ නෑ.

මේ අතර දැනට පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් ද චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා එහිදී අදහස් පළ කළේය.

“පැරසිටමෝල් හිඟයක් පිළිබඳව විවිධ පාර්ශව අදහස් දක්වලා තිබුණා. ඇත්තටම ගෙවිච්ච සති 3ක කාලය තුළ ලංකාවේ පැරසිටමෝල් සඳහා තිබෙන අවශ්‍යතාවය 275%කින් ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඒකට, එක හේතුවක් තමා ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා ඇති වෙන කොවිඩ් රෝගය සීඝ්‍ර ලෙස පැතිරයාමත්, වෛරස් රෝගයක් සමාජය පුරා පැතිරයාමත්, සහ ඩෙංගු රෝගය පැතිරයාමත්. මේ කියන රෝග තත්ත්ව තුන සඳහාම උණ තත්ත්වය පාලනය කිරීම සඳහා යොදාගන්නා ප්‍රධානතම ඖෂධය තමා පැරසිටමෝල්. එම නිසා ඉතාම ඉහළ මට්ටමේ ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා පැරසිටමෝල්වලට. අනිත් පැත්තෙන් ලෝක වෙළෙඳපොළේ පැරසිටමෝල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ඉහළගිහින් තියෙන නිසා ආනයනය කරන සමාගම් මැලිකමක් දක්වනවා පැරසිටමෝල් අපේ රටට ගෙනඒම සඳහා. මේ නිසා තමයි වෙළෙඳපොළ තුළ යම් ආකාරයක පැරසිටමෝල් හිඟයක් ඇතිවෙලා තියෙන්නේ. මේ තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව උපරිම ධාරිතාවයෙන්  පැරසිටමෝල් නිෂ්පාදනය කරන්නට කටයුතු යොදලා තිබෙනවා. ඖෂධ වර්ග බහුතරයක් කිසිදු ප්‍රශ්නයක් නැතුව ලබාදෙන්න පුළුවන්. නමුත් අත්‍යාවශ්‍ය ඖෂධ 5ක පමණ අඩුපාඩුවක් තිබෙනවා. මේ සතිය තුළදී අපිට ඒවා ලැබෙන්නට නියමිතයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව මර්ධනකාරී අණපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක-සාගර කාරියවසම්

වත්මන් ආණ්ඩුව මර්ධනකාරී අනපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක..........   ලංකාවේ සොරකම් නතර කර, පොහොසත් රටක්, සශ්‍රීක රටක් නිර්මාණය කිරීමට පැමිණි වත්මන් ආණ්ඩුව මෙතෙක් සිටිය...

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img