Saturday, November 14, 2026
HomeNEWSඅස්වැසුම සුබසාධන ප්‍රතිලාභ සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094 තවදුරටත් සමෘද්ධි දීමනාව-.මුදල් රාජ්‍ය...

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094 තවදුරටත් සමෘද්ධි දීමනාව-.මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ.

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094 තවදුරටත් සමෘද්ධි දීමනාව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියයි.මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ
දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කට සමෘද්ධි දීමනාව තව දුරටත් ලබා දීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දැනට සමෘද්ධි සහනාධාරය ලබන පිරිස අතරින් පවුල් 1,280,000ක් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇති අතර ඉන් පවුල් 887,653ක් සුදුසුකම් ලබා ඇති බවයි. මේ සම්බන්ධයෙන් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අභියාචනා සහ විරෝධතා සලකා බැලීම අවසන් වන තුරු මෙම සමෘද්ධි දීමනාව ලබා දීමට තීරණය කර ඇත. දැනට ඉදිරිපත්ව ඇති අභියාචනා සහ විරෝධතා සලකා බැලීමේ කටයුතු කඩිනමින් සිදු වෙමින් පවතින අතර එය අවසන් වූ වහාම නව අයදුම් පත් භාර ගැනීම ද ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
දැනට පවුල් 1,792,265ක් අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඉන් 9,046,612ක් සුබ සාධන ප්‍රතිලාභ ලැබීම සඳහා අලුතින් ඇතුළත් වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. අස්වැසුම පවුල් ලක්ෂ 20ක් වෙනුවෙන් ලබා දීමට තීරණය කර ඇති අතර අභියාචනා සහ විරෝධතා පිළිබඳ සලකා බැලීමෙන් පසු එම ඉලක්කය කරා ළගා වීමට හැකි වනු ඇති බව ද සේමසිංහ මහතා පැවැසීය.
මේ අතර දැනට වැඩිහිටි, වකුගඩු සහ ආබාධිත ආධාර ලබන පිරිස වෙනුවෙන් මීට පෙර ක්‍රියාත්මක වූ පරිදි ම අදාළ මුදල් ගෙවීම සිදු කරනු ලබයි. ඒ අනුව වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මගින් ද වකුගඩු සහ ආබාධිත දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ද ලබා ගැනීමේ හැකියාව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. දැනට ආගමික ස්ථානවල සිටින පූජ්‍ය පක්ෂයට, වැඩිහිටි නිවාස, ළමා නිවාස සහ ආබාධිත මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් 11,660 දෙනාට ද පෙර පරිදි සිය දීමනා හිමි වනු ඇත.
මේ අතර, අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා අද වන විට ගිණුම් ලක්ෂ 10ක පමණ තොරතුරු මේ වන විට සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී ඇති අතර ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා හැකි ඉක්මණින් ගිණුම් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා අස්වැසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබූ පිරිසගෙන් ඉල්ලා සිටියි. ඒ සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය රජයේ නිවාඩු දිනවල ද විවෘතව පවතිනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි; මාස දෙකකට පසු ගල්ෆ් රාජ්‍යයක විදෙස් හමුදා මධ්‍යස්ථානයකට ඉරානය එල්ල කළ පළමු ප්‍රහාරය බව ද විදෙස්...

අතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

37වෙනි ඉල්මහ විරු සමරුව අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා  සිදුකළ කතාව අපේ පක්ෂයේ නිර්මාතෘ, අපේ පක්ෂය ගොඩනගපු සහ අපේ පක්ෂය කවර අරමුණක් වෙනුවෙන් ගොඩනැගිය...

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට..12.5 kg රු;1775 කින්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට. 12.5 kg රු;1775 කින්. නව මිල රු:6740, 5 kg රු:732 කින්. නව මිල රු:2720. ලාෆ්ස් සමාගම.

මේක අයවැයක් නොවේ පච වැලක් – විපක්ෂ නායක සජිත්

මේක අයවැයක් නොවේ පච වැලක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය උපුටා ගෙන සිය අයවැය ඉදිරිපත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img