ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තාවකාලිකව වැසෙයි
කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය වැලැක්වීමේ පියවරක් ලෙස 2020 ඔක්තෝම්බර් මස 07,08 හා 09 යන දිනවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව පාලක ජනරාල් විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙතින් ලබා ගත යුතු සේවාවන් සඳහා රාජකාරී වේලාවන් වන පෙ:ව 8.00 – ප:ව 4.30 දක්වා පහත දුරකථන අංක මඟින් හෝ ඊ-මේල් මඟින් අදාළ අංශ සම්බන්ධ කොට ගෙන සළසා ගත හැකිය.























