Saturday, November 14, 2026
HomeNEWSආණ්ඩුවට බැරි නම් අපිවත් IMF එකත් එක්ක සාකච්ඡා කරමු - විපක්ෂ නායක...

ආණ්ඩුවට බැරි නම් අපිවත් IMF එකත් එක්ක සාකච්ඡා කරමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස .

ආණ්ඩුවට බැරි නම් අපිවත් IMF එකත් එක්ක සාකච්ඡා කරමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන කතා වෙනකොට රජයෙ මන්ත්‍රීවරු කළබල වෙන බවත් හරියට IMF එක සමග ගනුදෙනු කළේ නම් එය රටේ වාසියට යොදා ගැනීමට හැකි බවත් නමුත් වත්මන් රජය සිදුකළේ එහි අනික් පැත්ත බවත් IMF එක කියන කොන්දේසිවලට ඔවුන් එකවර එකග වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වෛද්‍ය වරු මෙන්ම තවත් පුහුණු ශමිකයන්ගේ හිගයක් ඇති වුවහොත් ගන්නා ක්‍රියාමාර්ග ගැන මෙන්ම නව ශ්‍රමිකයන් බිහි කිරීමට යන කාලය සහ ඔවුන් ද රටෙ රැදේවිද යන සැකය සම්බන්ධයෙන් දත්ත මත පදනම්ව විද්‍යාත්මක තර්කයක් IMF එකට ඉදිරිපත් කළහොත් ඔවුන් එය පිළිගත හැකි බවත් ආණ්ඩුව යනු සම්බන්ධීකාරණය කරන්නකු නොව මේ රටේ බාරකාරයා බැවින් හොද විශ්වාසයක් ඇති කර නැවත සාකච්ඡාවට යායුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේබව කියා සිටියෙ අද පාර්ලිමෙින්තුවේදී විපක්ෂ නායක කමිටුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ කමිටු සාමාජිකයන් සමග පැවැති අවස්ථාවේ දීය. එහි දී දීර්ඝ වශයෙන් මෙරට සිහින දක්ෂ වෛද්‍යවරු ආණ්ඩුවේ දුර්දාන්ත තීන්දු තීරණ හේතුවෙන් රට හැරයාම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් විය.

පසුගිය දිනක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් තමාගේ මැදිහත්වීම මත මුහුණට මුහුණ මුණ ගැසී ඔවුන්ගේ ප්‍රශ්න හා ගැටලු සාකච්ඡා කළා සේ ආණ්ඩුවට හැකියාවක් නොමැති නම් විපක්ෂය එකට එකතු වී IMF එක සමග සාකච්ඡා කර මෙසේ වෛද්‍යවරු රට හැරයාමේ දත්ත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අවස්ථාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් මෙන්ම විපක්ෂය නියෝජනය කරමින් පක්ෂ නායකයන් රැසක් ද එක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

37වෙනි ඉල්මහ විරු සමරුව අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා  සිදුකළ කතාව අපේ පක්ෂයේ නිර්මාතෘ, අපේ පක්ෂය ගොඩනගපු සහ අපේ පක්ෂය කවර අරමුණක් වෙනුවෙන් ගොඩනැගිය...

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට..12.5 kg රු;1775 කින්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට. 12.5 kg රු;1775 කින්. නව මිල රු:6740, 5 kg රු:732 කින්. නව මිල රු:2720. ලාෆ්ස් සමාගම.

මේක අයවැයක් නොවේ පච වැලක් – විපක්ෂ නායක සජිත්

මේක අයවැයක් නොවේ පච වැලක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය උපුටා ගෙන සිය අයවැය ඉදිරිපත්...

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත් කර ගත යුතු නැහැ – ෆයිසර් මුස්තාපා

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත්කර ගැනීමට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ක්‍රියා නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි. අයවැය සම්බන්ධයෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img