Saturday, November 14, 2026
HomeNEWSඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා මේ වසරේදී පමණක් ශ්‍රමිකයින් 241 දෙනෙක් -අදත්...

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා මේ වසරේදී පමණක් ශ්‍රමිකයින් 241 දෙනෙක් -අදත් ශ්‍රමිකයින් 22 දෙනෙක්ට අමාත්‍යවරයා අතින් ගුවන් ටිකට්පත්.

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා මේ වසරේදී පමණක් ශ්‍රමිකයින් 241 දෙනෙක් යවලා

අදත් ශ්‍රමිකයින් 22 දෙනෙක්ට අමාත්‍යවරයා අතින් ගුවන් ටිකට්පත්

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින් විසි දෙදෙනක්ට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් අද දිනයේදී ගුවන් ටිකට්පත් ප්‍රදානය කරනු ලැබූ අතර මේ වසරේදී ශ්‍රමිකයින් 241 දෙනෙක් ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යවා තිබේ.

මේ වසර තුළදී ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යැවූ ශ්‍රමිකයින් 241 දෙනා අතරට පිරිමි ශ්‍රමිකයින් 33 දෙනෙක්ද කාන්තා ශ්‍රමිකයින් 208 දෙනෙක්ද ඇතුළත් වේ.

මේ වසරේ ජනවාරි හා පෙබරවාරි මාස වලදී ශ්‍රමිකයින් 13 දෙනා බැගින් ඊශ්‍රායලයට පිටත් කර යවා ඇති අතර මාර්තු මාසයේදී ශ්‍රමිකයින් 12 දෙනෙක් පිටත් කර යවා තිබේ. අප්‍රේල් මාසයේදී සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් 39 දෙනෙක් යවා ඇති අතර මැයි මාසයේදී ශ්‍රමිකයින් 34 දෙනෙක් පිටත් කර යවා ඇත. ජුනි මාසයේදී ශ්‍රමිකයින් 40 දෙනෙක්ද, ජූලි මාසයේදී ශ්‍රමිකයින් 51 දෙනෙක්ද ඊශ්‍රායලය බලා පිටත් කර යවා ඇත. අගෝස්තු මාසයේදී මුල් සතියේදී පමණක් ශ්‍රමිකයින් 39 දෙනෙක් ඊශ්‍රායල් සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යවා ඇත.

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම වේගවත් කිරීම සදහා එරට පීබා ආයතනය සමග කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පසුගිය පෙබරවාරි මාසයේදී සාකච්ඡා කරනු ලැබූ අතර ලංකාවෙන් ශ්‍රමිකයින් බදවාගැනීම වේගවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවටද සහතික විය.

ඒ අනුව අප්‍රේල් මාසයේ සිට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් බදවාගැනීම වේගවත් කිරීමට හැකියාව ලැබී තිබේ

මේ වන විට ඊශ්‍රායල් සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් 480 දෙනෙක් පිටත් කර යවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

37වෙනි ඉල්මහ විරු සමරුව අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා  සිදුකළ කතාව අපේ පක්ෂයේ නිර්මාතෘ, අපේ පක්ෂය ගොඩනගපු සහ අපේ පක්ෂය කවර අරමුණක් වෙනුවෙන් ගොඩනැගිය...

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට..12.5 kg රු;1775 කින්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට. 12.5 kg රු;1775 කින්. නව මිල රු:6740, 5 kg රු:732 කින්. නව මිල රු:2720. ලාෆ්ස් සමාගම.

මේක අයවැයක් නොවේ පච වැලක් – විපක්ෂ නායක සජිත්

මේක අයවැයක් නොවේ පච වැලක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය උපුටා ගෙන සිය අයවැය ඉදිරිපත්...

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත් කර ගත යුතු නැහැ – ෆයිසර් මුස්තාපා

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත්කර ගැනීමට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ක්‍රියා නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි. අයවැය සම්බන්ධයෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img