Tuesday, November 10, 2026
HomeNEWSආණ්ඩුව ගහපු කයිවාරුවේ හැටියට හිතුවේ අමෙරිකාවටත් ආර්ථිකය ගැන ටියුෂන් දෙයි කියලා -...

ආණ්ඩුව ගහපු කයිවාරුවේ හැටියට හිතුවේ අමෙරිකාවටත් ආර්ථිකය ගැන ටියුෂන් දෙයි කියලා – විපක්ෂ නායක සජිත් කියයි.

මේ ආණ්ඩුව බලය ගන්න කලින් ගහපු කයිවාරුවල හැටියට ලංකාවේ ජාතික සම්පත් විකුණනවා වෙනුවට ඉන්දියාවේ ඉඩමුත් ලංකාවට ගනී කියා සිතු බවත් අද සිදුවන්නේ රටේ සම්පත් සියල්ල විකුණා දැමීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හොරොව්පොතාන ගලෙන්බිදුනුවැව දී අද (31) සමගි ජනබලවේගයේ ගොවි උද්ඝෝෂණයක් පැවැත්විණි. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

“මැතිවරණය දිනන්න කලින් ගොවියෝ ගැන කතා කරපු හැටියට  චීනටත් හාල් දෙයි කියලයි මිනිස්සු හිතුවේ.

මැතිවරණයට කලින් ගහපු කයිවාරුවල හැටියට ආර්ථිකය ගොඩදාන හැටි ගැන ඇමරිකාවටත් ටියුෂන් දෙයි කියලයි අපි හිතුවේ.

සෞභාග්‍යයේ දැක්මෙ තියෙන විදිහට මේ රටේ දුප්පත්කම කෞතුකාගාරයට දායි කියලයි මිනිස්සු හිතුවේ. එහෙත් අද සිදුවන්නේ මේ සියල්ල කනපිට හැරීමයි” යනුවෙන් විපක්ෂ නායකතුමා පැවසීය.

ඒ දවස්වල බලය වෙනුවෙන් වඳ කොත්තු ගැන කතා කොට ජාතිවාදය අවුස්සපු උදවිය අද පකිස්ථානයෙන් ණයට සහල් ඉල්ලන තත්ත්වයට පත්ව ඇති බවද විපක්ෂ නායකතුමා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img