Thursday, September 3, 2026
HomeNEWSLatest Newsආණ්ඩුව චිත්‍රපටි හදනවා සජිත් කියයි...

ආණ්ඩුව චිත්‍රපටි හදනවා සජිත් කියයි…

ආණ්ඩුව චිත්‍රපටි හදනවා සජිත් කියයි…

ආණ්ඩුව පස්වෙනි මණ්ඩලයේ හයවැනි මණ්ඩලයේ ,සුපිරි මණ්ඩලයේ චිත්‍රපටි නිර්මාණය කරණ බවත්,ඒ චිත්‍රපටිවල ඔවුන්ම රඟපාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.මැතිවරණය දවස්වල ආණ්ඩුව වැඩියම කතා කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව බවත් ඒ දවස්වල ආණ්ඩුව තමන්ම ලියූ අපූරු ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිර්මාණය කළ බවත් වැරදි කරුවන් කවුද කියා කෙලින්ම චෝදනා කළ බවත් විපක්ෂ නායකයා කීවේය.ඒ දිනවල පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියා රිෂාඩ් බදූර්දීන් ගේ සහෝදරයා මාස පහක් හිරේ තියාගෙන සිටි බවත් දැන් ඔහු ඒ ප්‍රහාරයට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නැති බව කියා නිදහස්කොට ඇති බවත් විපක්ෂ නායකයා කීවේය. පසුගිය මැතිවරණය සමයේ ආණ්ඩුව මෙහෙම චිත්‍රපටි නිර්මාණය කළ බවත් දැන් ඒ සියල්ල හෙළිදරව් වන බවත් කී විපක්ෂ නායකයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට මරණීය දණ්ඩනය දියයුතු බවත් කීවේය .රටේ ප්‍රමුඛ අවශ්‍යතාවයන් මොනවාදැයි කියා අමතක කොට ඇති ආණ්ඩුව විසිවන සංශෝධනය එල්ලී සිටින බවත් ,රටේ උත්තරීතර නීතිය හිතුමනාපෙට සංශෝධනය කරලා නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය . අද(03)පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව ආසනයේ, දංකොටුව කැරන්වත්ත ශ්‍රී අශෝකාරාම විහාරයට පැමිණ එහි විහාරාධිපති පූජ්‍යපාද පේරියවිලංකුලමේ ධම්මික හිමිපාණන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාදය ලබා ගත්තේය. සජිත් ප්‍රේමදාස මහතා සංකෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කරන වකවානුවේ එම විහාරයේ “සිසු දහම් සෙවන’ වැඩසටහන හරහා දහම් පාසැල් ගොඩනැගිල්ලක් ඉදිකළ අතර අද විහාරාධිපතින්වහන්සේගේ සුරතින් ,විපක්ෂ නායකතුමාගේ සහභාගීත්වයෙන් එය විවෘත කෙරිණි.අදාල කටයුත්ත උදෙසා ලබා දුන් සහයෝගය පිළිබඳව විහාරාධිපතින් වහන්සේ සජිත් ප්‍රේමදාස මහතාට සිය කෘතවේදීත්වය පුද කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img