Monday, September 21, 2026
HomeNEWSආධාර සැබෑ ලෙසම ජනතාවට ලැබෙනවාද කියා ගැටලුවක් පවතිනවා - සජිත්

ආධාර සැබෑ ලෙසම ජනතාවට ලැබෙනවාද කියා ගැටලුවක් පවතිනවා – සජිත්

*දෙනවා කියන ආධාර සැබෑ ලෙසම ජනතාවට ලැබෙනවාද කියා ගැටලුවක් පවතිනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*ජනතාවට ලබා දිය යුතු සහන සහ ආධාර මේ අවස්ථාවේ උපරිම දිය යුතු බවත් නිවස සාදා ගන්න දූදරුවන් රැක බලා ගන්න ආදායම් උත්පාදනය සහ ජීවනෝපාය සදහා සෘජුවම ආධාර දිය යුතු බවත් ගෙවල් පිරිසුදු කර ගන්න ආධාර දෙනවා කිව්වත් තවමත් ඒවා ලැබී නැති බවත් එවැනි තත්ත්වයක් උඩ නියමිත පරිදි ආධාර ලැබිය යුතු අයට එම ආධාර නොලැබෙන තත්ත්වයක් ඇති නිසා රජය මේ ගැන අවධාණය යොමු කළ යුතු බවත් ආධාර දෙනවා කියා ප්‍රචාරය දෙනවා සේම එම ආධාර ජනතාවට ලැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද යටියන්තොට කරවනැල්ල ප්‍රදේශයේ අවතැන් ජනතාව සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේ දී ය.*රටේ බරපතල කාලගුණ තත්ත්වයක් නිර්මාණය වෙනවා කියන එක 11 වැනි දා සිට ප්‍රකාශ කර ඇති බවත් එහි පරිමාණය එනම් අවපාතයක් අඩුපීඩනකාරී තත්ත්වයක් හා සුළි කුණාටුවක් ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන විට ආපදා කළමනාකරණය ආරම්භ කළ යුතු බවත් ජනතාව මත එල්ල වන පීඩනය අවම කර ජීවිත බේරා ගන්න හැකියාවක් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න හැකියාව තිබූ බවත් ආපදාවක් එන බව දැනන් සිටියත් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සක්‍රීය නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.අප රට සුනාමියෙන් පවා පීඩාවට පත්වුවත් තවමත් ඩොප්ලර් රේඩාර් පද්ධතිය සවි කරන්න නොහැකි වී ඇති බවත් මේ ගැන තමා මේ ගැන 2014 මෙන්ම 2024 ප්‍රශ්න කළත් උත්තර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.කුමන විනාශයක් සිදු වුවත් එහි වගකීම දේශපාලනඥයන් බාර ගත යුතු බවත් ජන්දයෙන් පත්වු මහජන නියෝජිතයන් ලෙස අමාරු අවස්ථාවේ පැන නොගොස් වගකීම නිලධාරීන්ගෙ පිට පටවන්නේ නැතිව කටයුතු කිරීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීම බවත් මේ රජය හැමදේම කරන්නේ පහුවෙලා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.එසේම රජය පරිපූරක ඇස්තමේන්තුවක් ගෙන ආවෙත් පහුවෙලා බවත් IMF එක සමග කතා කරන්න කිව්වත් එදා එයට අකුල් හෙළා දැන් රජය IMF එකත් සමග කතා කරන බවත් සමගි ජන බලවේගයට වටින්නේ රජය නොව ජනතාව බවත් කවුරු බාධා කළත් ජනතාව වෙනුවෙන් සීමා මායිම් නැතිව උදව් කරන්න විපක්ෂය කටයුතු කරන බැවින් කුහක නොවී උද්දච්ච නොවී ආපදාවට ලක්වූ ලස්ෂ 20ක ජනතාවගේ ගැටලු තමන්ගේ ගැටලු ලෙස සලකා විසදුම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායක ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img